මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමයි “කියා දෙන්න ආදරේ තරම්“ නාට්‍යය. එහි ප්‍රේක්ෂක ආදාරය දිනාගත් චරිත දෙකක් තමය නිර්වාන් සහ ස්නේ...
මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමයි “කියා දෙන්න ආදරේ තරම්“ නාට්‍යය.
එහි ප්‍රේක්ෂක ආදාරය දිනාගත් චරිත දෙකක් තමය නිර්වාන් සහ ස්නේහා.
නිර්වාන්ට අතිශය ආදරය කරන කෙනා තමා ස්නේහා.
ඒ් නිසාම මේ ටෙලි පෙම් යුවල කාගෙත් ආදරය දිනාගෙන තිබෙනවා.
සැබෑ ජීවිතයෙත් මේ දෙන්නා ඒ කියන්නේ සචින් සහ ශලනි ආදරවන්තයෝ කියලා පුංචි කතාවක්
යනවා.
ඇත්තටම ඒ් කතාව ඇත්තද මෙන්න ඒ් ගැන සචින් කිව්ව දේ.
සචීන්ට මේ දිනවල ගැහැනු ළමයින්ගෙන් වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා නේද අහිංසක
නිර්වාන් නිසාද..?
ගැහැනු ළමයින්ගෙන් විතරක් නෙමෙයි පොඩි ළමයින්ගෙන් වැඩිහිටියන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ප්‍රධාන චරිතය නිරූපණය කරන ප්‍රථම නාට්‍යය තමයි මේ.
මෙච්චර ඉක්මනට ඒ වගේ
ප්‍රතිචාර ලැබෙයි කියලා නම් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ. වාසනාවකට හොඳ ප්‍රතිචාර
ලැබෙනවා.
ළඟදි අවුරුදු පහ හයක
විතර පුංචි පුතෙක් ඇවිත් සචින් අයියේ කියලා මා ළඟටම ඇවිත් කතා කළා. මට මේ ප්‍රතිචාර
එකපාරටම ලැබුණු ගිෆ්ට් එකක් කියලයි මම හිතන්නේ. ඒ නිසා හිමින් පරිස්සමින් ඉදිරියට
යන්න මම වගබලා ගන්නවා.
මොනවද අළුත් නිර්මාණ?
අලුත් නිර්මාණ දෙකක
වැඩ භාර ගත්තා. මම ලියපු කෙටි චිත්‍රපටියක් ද ප්‍රොමිස් කියලා රූගත කරනවා. ඒක මගේ
යූටියුබ් නාළිකාවේ විකාශය කරන්න ඉන්නේ. දැනට එච්චරයි.
කියා දෙන්න ආදරේ තරම් හී ස්නේහා අනුත්තරගෙන් නොලැබුණු ආදරය නිර්වාන්ගෙන් බලාපොරොත්තු වෙද්දී නිර්වාන් ඇයි සමාධිව රවට්ටන්නේ..?
ස්නේහා වගේම නිර්වාන්
කියන්නේ ආදරය නොලැබුණු වගකිම් එක්ක විතරක් ජිවත් වෙන චරිත දෙකක්. නිර්වාන් සමාධීව
දන්නේ පොඩි කාලේ ඉදලා.
නිර්වාන්ගේ වගකීම
සමාධි. එතකොට ස්නේහා එයාගේ ව්‍යාපාර එක්ක පොඩි කාලේ ඉදලම වගකීම් එක්ක ජීවත් වෙනවා
ආදරේ ලබලා නැහැ . ස්නේහාගේ පෙම්වතා අනුත්තර මරුණට පස්සේ එයා වගේම රූපයෙන් සමාන
නිර්වාන්ට ඇය ළංවෙනවා. ඒක තමයි වෙන්නේ.
ශලනි තාරකා කියන්නේ කාලයක් රංගනය එක්ක ජිවත් වෙන චරිතයක්, ඔබට රංගනයේදි ඇයගෙන් ලැබෙන සහය කොහොමද..?
මගේ ජීවිතේ වැඩිපුරම
සහය ලැබෙන්නේ ශලනිගෙන් තමයි. මේ චරිතයේදී එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ
වගේම සැබෑ ජීවිතයේදී එයා මට හොඳ යාළුවෙක්.
බොහෝ දෙනෙක් ඒ යාළුකම දකින්නේ ඔබ දෙදෙනා පෙම්වතුන් විදිහටයි, ඇත්තද ඒ කතාව..?
කොහෙත්ම නැහැ. ඒක
යාළුකමක් විතරයි.
ඔය හිතවත්කම ආදරයකට පෙරළුණොත්..?
මට තවම වයස අවුරුදු 25යි. මේ කාලේ මගේ අවදානය තියෙන්නේ රංගනයට. ඒ නිසා
එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි.
ශලනිව විවාහ කරගන්න සුදුසුයි කියලා හිතුණු දවසකට ඔබ විවාහයට යෝජනා කරනවද..?
තවම නම් මට එයා ගැන
එහෙම හිතිලා නැහැ. අපි තවම අවුරුද්දක් වත් නැහැ ආශ්‍රය කරන්න අරගෙන. ආදරය කරන්න හෝ
විවාහ වෙන්න දැනෙන්න ඕන. මට තවම එයාව එහෙම දැනුණේ නැහැ. ඒ වගේම මට ශලනි ගැන එහෙම
ආදරයක් දැනෙයි කියලා හිතෙන්නේ නැහැ .
කඩවසම් සචින්ට පෙම්වතියක් නැහැ කිව්වොත් කවුරුත් විශ්වාස කරන එකක් නැහැ ..?
ඇත්තටම මම පෙම්වතෙක්
නෙමෙයි. මේ වෙද්දී මම හතර දෙනෙක්ට විතර ආදරේ කරලා තියෙනවා. නොගැළපීම් නිසා ඒ ආදර
කතා අතරමඟදි නතර වුණා. ආශ්‍රය කරද්දි තමයි නොගැළපීම් ඇති වෙන්නේ. ඒ නිසා ආදරේ
කරන්න කලින් රංගන ජීවිතේ හදාගන්න ඕන.
ආදරේ නිසා දුක් විඳලා තියෙනවද..?
ආදරේ නිසා මම ගොඩාක්
දුක් විඳලා තියෙන කෙනෙක්. ආදරේට ඉස්සර මම බයයි. දැන් නම් එහෙම නැහැ නමුත් ආදරේ
කියලා මිනිස්සු විශ්වාස කරන්න බයයි මම. ආදරේ කරලා ඒ ආදරේ නැති වුණු දවසකට වෛර නොකර
පැත්තකට වෙන්න ඕන. එකිනෙකාගේ වැරදි කියාගෙන අගෞරව නොකර. මට එහෙම සිදුවිම් ආදරේ
නිසා ඇති වෙලා තියෙනවා.
රසිකාවියන්ගෙන් ආදරයට යෝජනා ඇවිත් නැද්ද?
මට ආදරෙයි කියලා ප්‍රපෝසල්
ගෙනා අය ඉන්නවා. මගේ දෙමාපියන්ට එහෙම යෝජනා කළ අයත් ඉන්නවා.
නමුත් මට ඕන මගේ
නළුකමට ආදරේ කරන කෙල්ලෙක් නෙමෙයි.
සාමාන්‍ය ජීවිතයක් ගත
කරන සචීන්ට ආදරේ කරන කෙල්ලෙක්.
උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත