අතීත ඉන්දියාවේ අතිශය රණකාමී ගෝත්‍රයක් තමයි ඩැකොයිට් කියන්නේ. මේ ග්රෝත්රයේ ජනතාව තම අයිතීන් වෙනුවෙන් අතිශය සටන්කරන පිරිසක්. ජෙනරල් ෂු...
අතීත ඉන්දියාවේ අතිශය රණකාමී ගෝත්‍රයක් තමයි ඩැකොයිට් කියන්නේ.
මේ ග්රෝත්රයේ ජනතාව තම අයිතීන් වෙනුවෙන් අතිශය සටන්කරන
පිරිසක්.
ජෙනරල් ෂුද් සිං, මෙයා කුරිරු අධිකාරීවරයෙක්.
මේ කුරිරු අධිකාරීවරයා ඩැකොයිට් ග්රෝතිකයන්ව වහල් භාවයට
අරන් අතිශය වධ හිංසනයට පත් කරනවා.
ඒ කාසා නගරයේදී.
මේ විදිහට වහල්භාවයට පත්වන පිරිස අතර සිටිනවා ශම්ෂේරා කියලා
අයෙක්.
ඔහු තම ගෝත්‍රයේ නිදහස සහ ගෞරවය වෙනුවෙන් දැඩි ලෙස අභීතව
සටන් කරනවා.
අනුකම්පා විරහිත,අතිශය අමානුෂීය පාලනයට එරෙහි ශම්ෂේරාගේ කතාව
අපූර්ව සිනමා නිමැවුමක් ලෙස ජූලි 22 සිට ලොව පුරා තිරගත වන්නට නියමිතයි.
ඒ් හින්දි සිනමාවේ තවත් තීවෘ හැරවුමක් ලෙස.
ශම්ෂේරා සත්‍ය සිදුවීම් කිහිපයක් පදනම්ව බිහිවෙනවා.
යාෂ් රාජ් ෆිල්ම්ස් වෙනුවෙන් ආදිත්‍ය චොප්රා විසින් නි ර්මාණය
මෙය කරන් මල්හෝත්‍රා ගේ අධ්‍යක්ෂණයක්. මෙහි ප්‍රධාන ද්විත්ව චරිතය නිරූපනය කරන්නේ රන්බීර්
කපූර්.
වසර 04 ක නිහැඩියාවකින් පසු තිරයට පැමිණෙන රන්බීර් ගේ රංගන
දිවියේ පළමු ද්විත්ව චරිත නිරූපනය මෙය වනවා.
එසේම රන්බීර් ගේ ප්‍රතිවාදියා වන ශුද්ධා සිංගේ චරිතයට පණපොවන්නේ අපි කවුරුත් ආදරය කරන සංජේ දත්.
දෙමළ සහ තෙළිඟු යන භාෂාවලින් ද නිකුත් කරන මේ චිත්‍රපටය
ඉන්දීය රුපියල් කෝටි 150 ක ආයෝජනයක්.
ළඟදීම අපිටත් මේ සිනමා පටයේ රස අත්විදින්න ලැබේවි.