දේශපාලන බල පොරය ඉතිහාසය පුරා අපේ රටේ තිබුණ දරුණ ඛේදවාචකයක්. මෑත කාලීනව මේ ගැන සහ මේ හා බැඳුනු අත්දැකීම් අපි බොහොමයක් විඳිනවා. මේ දේශපා...
දේශපාලන බල පොරය ඉතිහාසය පුරා අපේ රටේ තිබුණ දරුණ ඛේදවාචකයක්.
මෑත කාලීනව මේ ගැන සහ මේ හා බැඳුනු අත්දැකීම් අපි බොහොමයක්
විඳිනවා.
මේ දේශපාලන බල පොරය හා බැඳුනු රටක් ,ලෝකයක් කම්පාකල
සිදුවීමක් මීට වසර දෙකකට පමණ පෙර අපේ රටේ සිදුවුනා.
ඒ් පාස්කු ප්‍රහාරය, අදටත් එය විසදුමක් නොලද කම්පනයක්.
මෙවැනිවූ බල පොරයන් හේතුවෙන් බිහිවූ මානව කම්පනයන්
මේ මහපොළොවේ අනන්ත සිදුවී තිබෙනවා.
එවැනි සිදුවීම් පෙළක් රැගත් අපූර්ව වූ සිනමා නිර් මාණයක්
අගෝස්තු මස මුල් සතියේ ලාංකේය සිනමා තිරයේ දිග හැරෙනවා.
ඒ් ”ප‍්‍රාණ” චිත්‍රපටය.
සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ප‍්‍රාණ,
1544 දී සිදු වූ මහා කිතුනු සංහාරයත් 1560 දී සිදු වූ ඒ සංහාරයටම අදාළ සිද්ධි දාමයත් පාදක
වන සැබෑ කතා පුවත ගෙන ගොඩනැඟුණක්.
මෙම සැබෑ පුවතට පණ දෙන්නට ශ්‍යාම් ප‍්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, නීටා ප‍්‍රනාන්දු, කින්ග් රත්නම්, ස්ටෙෆන් මාර්ක් ලෝඞ්සියැක්, රොබට් සිගේරා, පීටර් සැටුනිටස්, කල්ප මුණසිංහ, දිනේෂ් ද සිල්වා, පහන්දි තාරකා, කපිල් ගලප්පත්ති, චන්ද්‍රා හසන්, සෙනේෂ් දිසානායක බණ්ඩාර, වගීෂා සල්ගාදු, මොහාන් ශර්මා, ජී.ඒ.ෂාහිස්, විදුර ලක්තිලක, සහායන් සෙනෙවිරත්න, ජෝන් බොස්කො, මයිකල් කොලීන් යන දෙස් විදෙස් ශිල්පීන් රැසක් රංගනයෙන්
දායකවෙනවා.
”ප‍්‍රාණ”
සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම නැරැඹිය හැකිය.
ප්‍රාණ සංජය නිර්මාල්ගේ තිරපිටපතක් වන අතර ජනක පෙරේරා
නිශ්පාදනයෙන්ද, ශාන් අල්විස් සංස්කරණයෙන්ද, නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන්ද සම්බන්ධ
වනවා.