$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

එයාගේ රහස් මම දන්නවා, මගේ රහස් එයා දන්නවා - මනෝජා

නිස්සාර , රාධාවනී , මතක වැනි ගීත රූප රචනාවල මන බඳින රංගන විලාශයකින් බොහෝ දෙනාට ආකර්ෂණය වූ ඇය මනෝජා ප්‍රනාන්දු.   ටෙලි නාට්‍ය රංගනය තුළත්...






නිස්සාර, රාධාවනී, මතක වැනි ගීත රූප රචනාවල මන බඳින රංගන විලාශයකින් බොහෝ දෙනාට ආකර්ෂණය වූ ඇය මනෝජා ප්‍රනාන්දු.

 

ටෙලි නාට්‍ය රංගනය තුළත් ඇය පෙන්වන රංගන ප්‍රතිභාව සුවිශේෂි බව ඇය සම්බන්ධ වී සිටින නිර්මාණවලින් සාක්ෂි සපයමින් තිබෙනවා.

 

ප්‍රේක්ෂක හදවතේ රැඳෙන්නට මහන්සි වෙන ඇයට ඇගේ ගමන ගැන බොහෝ දේ කියන්නට තිබුණා.

 

ඒ නිසාම මේ ඉඩ වෙන් වුණේ ඇයට.


ටෙලි නාට්‍ය කලාවේ ඔබේ පටන් ගැන්ම දැන් තමයි ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ?

 

 පානාමංකඩ කියන්නේ මම සම්බන්ධ වුණ පළවෙනි නාට්‍යය. අද කාලේ තියෙන හොඳ නිර් මාණයක් එය. යශ් වීරසිංහ කියන මගේ යාළුවා තමයි මේ නාට්‍යයේ තිර පරීක්ෂණය ගැන මට කියන්නේ. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න කැමැත්තකින් හිටියේ නැති නිසා මම එයට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ නෑ. නමුත් සමන්ත අයියගේ පිටපතක් කියලා දැන ගත්තට පස්සේ මම තිර පරීක්ෂණයට සහභාගී වුණා. ඊට පස්සේ තමයි මාව පානාමංකඩ නාට්‍යයට තේරුණේ.

 


පානාමංකඩ ඔබේ පළවෙනි නාට්‍ය වුණාට ඔබ මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ වෙනත් නිර්මාණයකින්?

 

මම පොදු නාට්‍යයට දෙවැනියට සම්බන්ධ වුණාට ඒක තමයි මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට ආවේ. මුලින්ම පොදු නාට්‍යට සම්බන්ධ වෙන්නත් කැමැත්තකින් හිටියේ නෑ. ඒ ටෙලි නාට්‍ය කරන්න කැමැත්තකින් හිටියේ නැති නිසා. පොදු නාට්‍යයෙන් මට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සේ මට හිතුණා ඒකට සම්බන්ධ වීම කොච්චර වටිනවද කියලා.

 

පොදු ටෙලි නාට්‍යයට වඩා හාත් පසින් වෙනස් විදිහට පානාමංකඩෙන් ඔබව මුණ ගැහෙන්නේ?

 

මට පළවෙනි වතාවට තමයි මේ වගේ ගැමි චරිතයකට පණ පොවන්න ලැබුණේ. පානාමංකඩ දැවැන්ත නිර්මාණයක්. අධ්‍යක්ෂවරයාගේ ඉඳන් නිර්මාණයේ සියලු දෙනාම ලොකු අවදානමක් අරගෙන කළ නිර්මාණයක් මේක. මගේ පළවෙනි වැඩේ විදිහට මටත් ලොකු අභියෝගයක් තිබ්බා. රනිල් අයියගේ ලක්ෂ්මන් සර්ගේ සහ ප්‍රවීණයන් සියලු දෙනාගේ සහයෝගය එක්ක සාර්ථකව රංගනයට එකතු වෙන්න මහන්සි වුණා.

 

ඔබ ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරමින් හිටියේ ඇයි?

 

මම මුලින්ම සම්බන්ධ වුණේ මියුසික් වීඩියෝවලට. ඊට පස්සේ මට ආරාධනා ලැබුණේ සිනමාවට. සිනමාවට එකතු වෙලා හිටිය නිසා මම හිතුවා ටෙලි නාට්‍යවලට යන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා. නමුත් ලෝකයෙම පවතින වසංගත තත්ත්වය නිසා සිනමාවට අත්වුණ ඉරණමත් එක්ක ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා කියලා මම තීරණය කළා.

 


නර්තනයට නැඹුරු වෙලා හිටපු ඔබට රංගනයේ ගමනක් යන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් ඇති වුණේ කොහොමද?

 

 පුංචි කාලේ මම නර් තනය ප්‍රගුණ කළ කෙනෙක්. නර්තනය එක්ක රංගනයත් වැඩි දියුණු කරගන්න වුණා. උසස් අධ්‍යාපනයටත් විෂයක් ලෙස රංගනය හැදෑරුවා. ටිකෙන් ටික රංගනයට ආරාධනා ලැබෙද්දි මගේ ගමන රංගනය ඔස්සේ යන්න පටන් ගත්තා. පොඩි කාලේ මම ගොඩක් චිත්‍රපට බැලුවා. රංගනයට පුංචි කාලේ ආසාවක් තිබ්බට ටිකක් ලොකු වෙද්දි රංගනයට එන්න පොඩ්ඩක්වත් කැමැත්තෙන් හිටියේ නෑ. කොහොම වුණත් පුංචිම කාලේ හිතේ තැන්පත් වුණ ආසාව තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ.

 

කලින් නොතිබ්බට දැන් රංගනයේ දුර ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවද?

 

ඔව්. දැන් තියෙනවා. හැබැයි මම හැම නිර්මාණයක්ම බාරගන්න කෙනෙක් නෙමෙයි. තෝරාගන්න වැඩ ඇතුළේ මතක හිටින හොඳ දෙයක් කරන්න මම කැමැතියි.

 

නිර්මාණයක් තෝරාගන්නේ මොන වගේ නිර්නායක ඇතුළෙද?

 

නිර්මාණයේ අධ්‍යක්ෂවරයා කවුද, පිටපත ලිව්වේ කවුද, කතාව මොකක්ද, නිර්මාණයේ ඉන්න නළු නිළියෝ කවුද කියන හැමදේම බලලා තමයි නිර්මාණයකට මම සම්බන්ධ වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ.

 

 


ඔය නිර් නායක නිසා ලැබුණ වැඩ අතහැරලත් තියෙනවද?

 

මම ටෙලි නාට්‍ය දෙකයි කරලා තියෙන්නේ. හැබැයි නිර්මාණ ගොඩක් මම අතහැරලා තියෙනවා.

 

වැඩ අතහරිද්දි මනෝජා ගණන් උස්සනවා කියලත් කියනවා?

මුල්ම කාලේ සමහර අය මගේ ලොකුකම කියලා තියෙනවා. සමහර අය බැණලත් තියෙනවා. නමුත් ඒ අයම පස්සේ කාලේ මට කියලා තියෙනවා මගේ ගමන මොකක්ද කියලා එයාලා තේරුම් ගත්තා කියලා. මම ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ මමනේ. ඒ නිසා මට අවශ්‍ය විදිහට තමයි තෝරාගැනීම් කරන්නේ.

 

අලුතෙන් රංගනයට එන කෙනෙක් ඕන දෙයක් බදා ගන්නවා?

 

නැහැ. හැම වැඩේටම සම්බන්ධ වෙලා නිතර නිතර පේන්න ඉන්න මම කැමති නැහැ. ඕනම කෙනෙක් එක දිගට පෙනෙද්දි එපා වෙනවා කියන දේ ප්‍රේක්ෂකයෙක් විදිහට මටත් දැනිලා තියෙනවා. ඒ නිසා නිතර පෙනිලා ඉක්මනින් එපා වෙන්න මම කැමැති නැහැ

 

රංගන ශිල්පිනියන්ට ක්ෂේත්‍රය තුළ කතාවක් හදාගන්නේ නැතුව ඉන්න අමාරුයි?

 

 ඒ ගැන නම් මම හිතන්නේ නෑ. ඇඳුම් පැළඳුම්, පෙනී ඉන්න දර්ශනය, එන්න පුළුවන් විවේචන ගැන නෙමෙයි කරන නිර්මාණය ගැනයි මම හිතන්නේ. මගේ නිර්නායක යටතේ ලැබෙන නිර්මාණය මට හොඳයිනම් මම එයට සම්බන්ධ වෙනවා. සිප ගැනීමේ දර්ශනයක් වුණත් කරන්න තිබ්බොත් මිනිස්සු මෙහෙම හිතයිනේ කියලා නොකර ඉන්නේ නෑ. නිර්මාණය ගැන හොයලා එයට සම්බන්ධ වෙනවා. මට මගේ පවුලෙනුත් නිදහසක් දෙන නිසා මනස නිදහස්ව තියාගෙන වැඩ කරන්න පුළුවන්. නිදහස් මනසින් වැඩ කරන නිසා විවේචන එල්ල වෙයි කියන බයෙන් වැඩ කරන්නේ නෑ. නිර්මාණය හොඳද නරකද කියන දේ මත තමයි මම තෝරාගැනීම් කරන්නේ.

 

ඇත්තටම මේ ක්ෂේත්‍රය පරිස්සමෙන් ඉන්න ඕන තැනක්ද?

රංගන ක්ෂේත්‍රය ගැන මමත් පොඩි කාලේ එක එක කතා අහලා තිබ්බා. ඒත් මට නම් රංගන ක්ෂේත්‍රයේ නරකක් දැනිලා නෑ. මම හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා. මටත් එකට වැඩ කරන අය ආදරෙයි. මම දර්ශන තලයේ නැත්නම් පාළුයි කියලත් ගොඩක් අය කියනවා. තමන් හොඳයි නම් පාඩුවේ අපේ ගමන යන්න බැරි නෑ.

 

රංගනය වෘත්තිය කරගන්නද ඔබත් කැමති?

 

ලංකාවේ රංගනය වෘත්තිය කරගෙන ජීවත් වෙන්න අමාරුයි. හැබැයි දැනට මම රංගනය විතරයි කරන්නේ. මගේම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියන අදහසක මම ඉන්නවා. මේ කරන වැඩ ටික කරගෙන ඉඳලා හිමින් සැරේ මගේම ව්‍යාපාරයක් කරන්න හිතනවා.

 


රංගන ක්ෂේත්‍රයේදි සම්මානනීය බලාපොරොත්තුත් තියාගෙනද වැඩ කරන්නේ?

 

මම ජීවිතේ ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මම මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක්. ජයග්‍රහණ ලබා ගන්න කැමැතියි. හැබැයි ලොකුවට ඒ දේවල් ගැන හිතන්නේ නෑ. එන විදිහට හැමදේටම බැට් කරනවා.

 

පොදු නාට්‍යයේ එකට රංගනයෙන් සම්බන්ධ වුණ රන්දික සහ ඔබ අතර සම්බන්ධයක් තිබුණා කියලා කටකතා පැතිරුණා?

 

රන්දික අයියව මම පොදු නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් ඉඳන්ම දන්නවා. එයා මගේ සහෝදරයා වගේ. එයා මගේ පවුලේ අයටත් කිට්ටුයි. මගේ පවුලේ අයත් එයාට ආදරෙයි. එයාගේ රහස් මම දන්නවා, මගේ රහස් එයා දන්නවා. පොදු නාට්‍යයෙන් පස්සේ අපේ සහෝදරත්වය වැඩිවුණා කියලා හිතෙන්නේ.

 



ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවද?

 

මම ආදරය කරපු කෙනෙක්. දැන් නෑ.

 

මනෝජාට තරුණයන්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙනවා කියලා ආරංචියි?

 

නිස්සාර සංසාර ගීතයේ රූප රචනයත් එක්ක තමයි ඒ ආකර්ෂණය ලැබෙන්න ගත්තේ. ඒ ලැබුණ ආකර්ෂණය තවමත් තියෙනවා.

 

මතක රූප රචනය එක්ක ඔබට ගැහැනු ළමයි බණින්න ගත්තේ ඇයි?

 

මතක රූප රචනය නිසා ගොඩක් ගැහැනු ළමයි මට බැණ්නා. ඒ හේමාල් අයියා එක්ක සිප ගන්න දර්ශන තියෙන නිසා. හේමාල් අයියට කැමැති ගෑනු ළමයි මට බණිද්දි මට කැමති පිරිමි ළමයි හේමාල් අයියට බැණලා තිබ්බා.

 


ඔබ ඕනම රංගන ශිල්පියෙක් එක්ක රොමෑන්ටික් රංගනයකට එකතු වෙන්න මැළි වෙන්නේ නැද්ද?

 

මම ඕනම වැඩක් ගැන හොඳට හොයලා බලලා තමයි සම්බන්ධ වෙන්නේ. නළුවා කවුද කියන දේ මට අදාළ නෑ. මොකද මම කරන්නේ රංගනයක්. ඒ මගේ ඇත්ත ජීවිතය නෙමෙයි. ඒ නිසා නිර්මාණය හොඳ නම් මම එයට සම්බන්ධ වෙනවා.

 

තිළිණි කෞශල්‍යා විජේසිංහ

 


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: එයාගේ රහස් මම දන්නවා, මගේ රහස් එයා දන්නවා - මනෝජා
එයාගේ රහස් මම දන්නවා, මගේ රහස් එයා දන්නවා - මනෝජා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkzLGzJJRSr1-jwxpAaVbnGKhsQTaQoUGZw3vG4X236xi4wBw92-UZlrVkPOEqR1mkpN-B99O6gNIfXlU7g65iCM2LlvKQikre2D0uEzvef6HkR9N0KECqbD3Cj-fFbTB56pEwBdD7JCY/s16000/141087855_126590259315587_5742285589417576461_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkzLGzJJRSr1-jwxpAaVbnGKhsQTaQoUGZw3vG4X236xi4wBw92-UZlrVkPOEqR1mkpN-B99O6gNIfXlU7g65iCM2LlvKQikre2D0uEzvef6HkR9N0KECqbD3Cj-fFbTB56pEwBdD7JCY/s72-c/141087855_126590259315587_5742285589417576461_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/09/02-ManojaFernando-music-poduTelidarama-Panamankada-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/09/02-ManojaFernando-music-poduTelidarama-Panamankada-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content