$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

කතාවල් හදන අයගෙන් තමයි ඕවා අහන්න ඕනෑ.

  කොළඹ ඉතාලියේ ආශා ලෙසින් වගේම පාරදිගේ පුෂ්පා නෝනා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඇය නමින් ගයාත්‍රි ඩයස්. මේ ඇය සමග කල කතාබහක්. * කොළඹ ඉතාල...

 



කොළඹ ඉතාලියේ ආශා ලෙසින් වගේම පාරදිගේ පුෂ්පා නෝනා ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඇය නමින් ගයාත්‍රි ඩයස්.


මේ ඇය සමග කල කතාබහක්.

* කොළඹ ඉතාලිය වගේම පාරදිගේ ටෙලි නාට්‍ය දෙකෙන් ඔබට දැනෙන්නේ මොනවගේ වෙනසක්ද?

ඇත්තටම

මේ නාට්‍ය දෙකම අධ්‍යක්‍ෂණය සිදුකරන්නේ එකම අධ්‍යක්‍ෂවරයෙක් වන වී. සිවගුරුනාදන්.

පාරදිගේ ටෙලිනාට්‍යයට කලින් තමයි කොළඹ ඉතාලියේ රඟපෑවේ. කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කළු චරිතයක්. ඊට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි පාරදිගේ පුෂ්පා නෝනාගේ චරිතය.



*
වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නේ පුෂ්පා නෝනටද? ආශාටද?

ගොඩක් අය පුෂ්පා නෝනාට ආදරෙයි. කොළඹ ඉතාලියේ ආශාට පුෂ්පා නෝනාට තරම් ප‍්‍රතිචාර ලැබෙනවා අඩුයි. මේ දවස්වල මට ගොඩ දෙනෙක් ඒ නම කියලා කතා කරනවා.



*
මේ චරිත හින්ද අලූතින් ආරාධනා ලැබෙනවාද?

ඒ චරිත හින්දද කියන්න මම දන්නේ නැහැ. කවදත් මට නිර්මාණවලට ආරාධනා ලැබුණා. මේ දිනවල ටෙලිනාට්‍ය හතරක වැඩකටයුතු ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා. ඒත් එක්කම හිරු නාලිකාවේ ටෙලි නාට්‍යයත් රඟපානවා. වැඩවලට නම් ආරාධනා කතා කරනවා.



*
ගයාත්‍රිට වැඩවලින් අඩුවක් නැහැ?

නැහැ. වැඩවලින් අඩුවක් නැහැ. කවදත් මට ආරාධනා ලැබෙනවා.



* පාර දිගේ පුෂ්පා නෝනා ඉස්සරහට මොනවා කරාවිද?

මෙහි තිර පිටපත ලියන්නේ සද්ධාමංගල සූරිය බණ්ඩාර. නානායක්කාර මුදලාලිව එලෙව්වාට එයාගේ හිත හොඳ හින්දා ගෙදරට ගන්නවා. ගෙදරට ගත්තාට පස්සේ වෙන දේවල් තමයි මේ දිනවල අපි රූගත කිරීම් සිදුකරන්නේ. පුෂ්පා නෝනා මේ දවස්වල හරි සැර පරුෂයි.



*
ගයාත්‍රි මේ දිනවල ඇත්තටම කොහොමද පරිස්සම් වෙන්නේ?

ඔව්. ඇත්තටම ඒක නම් ලොකු ප‍්‍රශ්නයක් තමයි. අපි වුණත් කතාබහ වෙනවා රූගත කිරීම්වලට ගියහම. අපි දැනුවත්වම මේ කාලයේ අධ්‍යක්‍ෂවරු, නළු නිළියෝ ඇතුළු නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ අය කොවිඞ් පොසිටිව් වෙලා ඉන්නේ. නිර්මාණය බලා නැවත රූගත කිරීම්වලට යනවා. ඉතිං මමත් රූගත කිරීම්වලට ගියහම මේ දවස්වල කියලා නැහැ කවදත් පාඩුවේ පැත්තකට වෙලානේ ඉන්නේ. අවශ්‍ය වැඬේට එළියට එනවා. අනෙක් වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා. අපි පරිස්සම් වෙන්න ඕනෑ.



*
සැලොන් එකේ වැඩකටයුතු අඩාල වෙලාද?

ඇත්තම කියනවානම් ඒවා හොඳටම අඩාල වෙලා තියෙන්නේ. මේ කාලේ සැලෝන්වලට මිනිස්සු එන්න බයයි. සැලෝන් එක ඇරියාට වෙනදා වගේ වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සරහට ටික කාලයක් මේක වහලා දාන්න වෙයිද දන්නෙත් නැහැ.




*
මේ හින්දා අලූත් ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවාද?

දැනට එහෙම නැහැ. මේ ව්‍යාපාරයට ගොඩක් වියදම් කරලා තියෙනවා. මේක අපිට විතරක් තියෙන ප‍්‍රශ්නයක් නෙමෙයි. මොන ව්‍යාපාරය කළත් මේ තත්ත්වය එකයිනේ.



*
ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණයට සූදානම් වුණා නේද?

ඔව්. ඒ සූදානම තවම තියෙනවා. මට පොඩි කාලයකට චුට්ටක් රටින් පිටයන්න වෙලා තියෙනවා. ටික කාලයකට. ඒ කාලය ඇරලා ඇවිල්ලා මේ වැඬේ මම කරනවා. මෙහි පෙර නිෂ්පාදන කටයුතු කරලයි තියෙන්නේ. ඒකට චන්න අයියගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.



*
ගයාත්‍රි ගේ වැඬේ ප‍්‍රධාන නළුවා චන්න කියන්නේ ඇත්තද?

ඔව්. ඇත්තටම ඔව්. අනෙකුත් චරිතවලට තවම කට්ටිය තෝරාලා නැහැ. මට මාසයකට දෙකකට යන්න වෙලා තියෙනවා. අනෙක් අයට කතා කරලා වැඬේ අතරමග නවත්වන්න බැහැ.



*
රටින් පිටවෙන්නේ කොච්චර කාලයකටද?

එහෙම ලොකු කාලයකට යන එකක් නෙමෙයි. මාසයකට එකහමාරකට තමයි බබාලගේ වැඩවලට යන්නේ. ඒ වගේම මටත් පොඩි විභාගයක් තියෙනවා එහේ කරන්න.



*
චන්නගේ නිර්මාණවලට ඔබට ඉඩක් නැති වුණාට ඔබ ඇයි මේ නිර්මාණයට චන්නව ගන්න හිතුවේ?

මෙහෙමයි, ඒ කරන්න යන තිරපිටපත චන්න අයියා මීට කලින් චිත‍්‍රපටයකට කරන්න හිටපු තිරපිටපතක්. එතකොට ඒ කතාවට ගැළපෙන්නේ ඒ කාලයේ කෙනෙකුට චන්න අයියාව. සුදුසු චරිතය එයාට තියෙනවා නම් වෙන ඔෆ්සන්ස් හොයන්න ඕනෑ නැහැනේ. චරිතය එයාටම දෙනවා කියලා.

*
ඔබයි, චන්නයි අතර විරසකයක් නැහැ කියලත් පසුගිය සතියේ පුංචි කතාබහක් පැතිරුණා නේද?

කතාවල් හදන අයගෙන් තමයි ඕවා අහන්න ඕනෑ. ඇත්තම කියනවා නම් එහෙම විරසකයක් කියලා දෙයක් තිබ්බේ නැහැනේ. ඒකත් ඔවුන්නේ කියන්නේ. මම දන්නේ නැහැ. දරුවන්ගේ වැඩකටයුතුවලදී අම්මා තාත්තා ඉන්න එපායැ. මගේ ලොකු බබාගේ උපන් දිනයට ගත්තු ඡුායාරූපයක් තමයි මගේ ඉන්ස්ටර්ග‍්‍රෑම් එකේ දැම්මේ. ඒ පින්තූරයත් එක්ක එක එක්කෙනා දාගත්තු කතාවලට මම උත්තර දෙන්න කැමැති නැහැ. මට ඔය ප‍්‍රශ්නයට උත්තර දෙන්න ආසාත් නැහැ.



*
ඒකට හේතුව?

ඒකට හේතුව මගේ පෞද්ගලික දේවල් කිසිම කෙනෙකුට අවශ්‍ය නැහැ. මොකද මම අන්තර්ජාලයට යම්කිසි දේවල් එකතු කළාහම සමහරු කමෙන්ට් දානවා මේ ගොල්ලන්ගේ පෞද්ගලික දේවල් අපිට අදාළ නැහැ කියලා. ඒක ඇත්ත. ඔවුන්ට පෞද්ගලික දේවල් වැඩක් නැතිනම් අපි ඒවා කිව යුතුත් නැහැ. මම හිතන්නේ මේකට වැඩිදුර පිළිතුරු දෙන්න ඕනෑ නැහැ කියලයි.


 

දිනේෂ් විතාන - දිවයින

ඡායාරූප – යූ. කේ. අබේරත්න

හැඩගැන්වීම – චමීී හබරකඩ



[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: කතාවල් හදන අයගෙන් තමයි ඕවා අහන්න ඕනෑ.
කතාවල් හදන අයගෙන් තමයි ඕවා අහන්න ඕනෑ.
https://1.bp.blogspot.com/-otp_kp4Mzlc/YSoxROHHBwI/AAAAAAAAA44/9ycfP3zy_d0PNztUQIbu1u7-vFEaNANCQCLcBGAsYHQ/s16000/SGgaya%2B3.jpg
https://1.bp.blogspot.com/-otp_kp4Mzlc/YSoxROHHBwI/AAAAAAAAA44/9ycfP3zy_d0PNztUQIbu1u7-vFEaNANCQCLcBGAsYHQ/s72-c/SGgaya%2B3.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/08/29-gayathridias-colomaithaliya-interview-channa.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/08/29-gayathridias-colomaithaliya-interview-channa.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content