$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

සල්ලි වලට කවදාවත්ම බෑ හුස්ම දෙන්න - තක්ෂීලා සෙව්වන්දි

තක්ෂිලා සෙව්වන්දි  කියන්නේ  නව පරපුරේ  දක්ෂ රංගන ශිල්පිනියක්. කලා ක්ෂේත්‍රයේ චිත්‍රපටය , ටෙලිනාට්‍ය , වේදිකාව , විතරක් නෙමේ වෙළද දැන්වීම් ...




තක්ෂිලා සෙව්වන්දි  කියන්නේ  නව පරපුරේ  දක්ෂ රංගන ශිල්පිනියක්.


කලා ක්ෂේත්‍රයේ චිත්‍රපටය,ටෙලිනාට්‍ය,වේදිකාව,විතරක් නෙමේ වෙළද දැන්වීම් ඔස්සේද අපිට

පහුගිය කාලේ තක්ෂිලාව දැකගන්න පුළුවන් වුනා.


කොරෝනා වයිරසය එක්ක හැම කෙනෙක්ම වගේ  තක්ෂිලාත් ගෙදරටම හිරවෙලා ඉන්නවා.


තක්ෂිලාගේ දුක සැප බලන්නත් එක්ක  STAR GOSSIP අපි  තක්ෂිලාට කතා කලා.


බොහෝම පරෙස්සමට ගෙදරට වෙලා ඉන්න තක්ෂිලා එයාගේ රංගන ජිවිතේ ආරම්භය ගැන අපිත් එක්ක කතා කරන ගමන්  මෙන්න මෙහෙම කිව්වා.


ඇය අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ ආදී ශිෂ්‍යාවක්.


හැබැයි ඉස්කෝලේ යන කාලේ එයාව  ගොඩක් අය හදුනන්නේ දක්ෂ ක්‍රීඩිකාවක් විදියට.


ජාතික මට්ටමේ දක්ෂතා පෙන්නපු මේ දක්ෂ ක්‍රීඩිකාව  අන්තිමට තෝරාගන්නේ රංගනය.


ඒ ප්‍රවේශය සිද්ධ  වෙන්නේ 2012 දී ප්‍රවීන ටෙලි නිර් මාණකරුවෙක් වන  ආනන්ද අබේනායක මහතාගේ "අප්පච්චි" ටෙලි නාට්‍යයට සම්බන්ධවීම  එක්ක.


එදා ඉදලා ටෙලිනාට්‍ය චිත්‍රපටි වගේම වේදිකා නාට්‍ය ගණනාවකට සම්බන්ද වෙනවා.


තක්ෂිලා සම්බන්ද වුන අලුත්ම චිත්‍රපටිය පසුගියදා තිරගතවීම ආරම්භ කළා ඒ හතරවරන් චිත්‍රපටය.


මේ විදියට විස්තර කිව්වා තක්ෂිලා අපිත් එක්ක කතා බහ මෙන්න මේ විදියට කරගෙන ගියා

 


තක්ෂිලා රංගනයෙන් දායක වුනු වේදිකා නාට්‍ය මොනවද ?


ඇත්තටම මම ගොඩාක් ආස කරන ක්ෂේත්‍රයක් තමයි වේදිකාව, මොකද  පාසලේදී පවා මම වේදිකා නාට්‍යවලට සම්බන්ද වුනා.


අනිත් වැදගත්ම දේ තමා සාර්ථක රංගන ශිල්පියෙක් බිහිවෙන්න වේදිකාව අනිවාර්යෙන්ම හේතුවෙනවා.


ඒක මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්


මම වේදිකා නාට්‍ය කිහිපකටම සම්බන්ද වුනා


ඒ අතරින් සොරු ඇවිල්ලා හා රැලිය වේදිකා නාට්‍යය තමා ගොඩක්ම ජනප්‍රිය ඒවා.


මේ වෙලාවේදී නැසීගිය ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාව මම ගෞරවයෙන් සිහිපත් කරන්න ඹ්න.


මොකද එතුමාගේ නිර්මාන කිහිපයකම මම සම්බන්ද  වුනා.

 




තරුණ රංගන ශිල්පිනියක් විදිහට කොහොමද කලා ක්ෂේත්‍රය ගැන දකින්නේ?


අද වෙනකොට නම් කලා ක්ෂේත්‍රයේ ප්‍රමිතිය බිදවැටිලා, විශේෂයෙන්ම මෙහි වෘත්තීමය ස්භාවයට හානි වෙලා තියෙනවා මෙම ප්‍රමිතියෙන් තොර වීම නිසා.


ඒ්කට ප්‍රධානම හේතුවතමා නිසි ක්‍රමවේදයක් නැති කම.


අද ගොඩාක් වෙලාවට රංගනය පිළිබදව කිසිම හැදෑරීමක් නොකර දෙබස් කියන්න පුළුවන් ඹ්නම කෙනෙක්ට රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියන් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.


මේ හේතුවෙන් කවුද වෘත්තීමය රංගන ශිල්පීන්, කවුද එහෙම නොවන අය කියලා අඳුනගන්න ක්ෂේත්‍රයේ ඉන්න අපිටවත් බැරි වෙලා තියෙනවා.


මේක ලොකු ගැටළුවක්.


අඩුම තරමේ රටේ ඉන්න කලාකරුවො පිළිබඳව විදිමත් සංගණනයක් කරලා සකස් කරපු සංඛ්‍යාලේඛනයක්වක් අපේ රටේ නැහැ.


අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් මේකට වග කියන්න ඹ්න.


හොදම උදාහරනය තමයි. මම උසස් පෙළ කරන කොට මට Drama   එක්ක  Media කරන්න දෙන්න අවස්තාව ලැබුනෙ නැහැ.


උසස් පෙළ විෂයන් තෝරා ගනිද්දි ඒ් විශයන් දෙක එකට හදාරන්න බැහැ.


බලන්න ඒක කොච්චර ලොකු වරදක්ද. මොකද ඒ විශයන් දෙක සමානව ඉගෙන ගන්න ඹ්න දේවල්.


නමුත් ඒ අවස්තාව  අදටත් අපේ රටේ නෑ.


මේ දේ වෙනස්වෙන්නම ඹ්න දෙයක්.


මේ හේතුවෙන් ක්ෂේත්‍රයට එන්න ඉන්න දක්ෂයන් පාසලෙන්ම විනාශකරනවා.

 

ප්‍රමිතියක් නෑ කියන්නේ මේ ගැන හරි අවබෝධයක් නෑ කියන එකද?


ඒ්ක අංශ කිහිපයක් තියෙනවා.


අද වෙද්දි බොහෝ නිර්මාණ වලට රංගන ශිල්පින් තෝරා ගනිද්දි වැඩි අවධානය යොමු කරන්නේ රූපය කියන දේට විතරයි.


මේ නිසා බොහෝ නවකයින් විවිධ බෙහෙත් ,එන්නත් භාවිතා කරනවා  සම පැහැපත් කරගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.


තවත් පිරිසක් ඉන්නවා රංගන ශිල්පිනියන් කියන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන විවිධ අනවශ්‍ය දේ කරන පිරිස් කියලා හිතාගෙන ඒ්වාගේ නොගැලපෙන දේවල් කරනවා.


මේ හැම දෙයක් නිසාම අපේ ක්ෂේත්‍රය විනාශ වෙනවා.


මේ හැම දේම අපි අද දකිනවා, බොහෝම කණගාටුයි මේවා දකිද්දි.


රංගන ශිල්පීන් කියන්නේ ආරූඪ චරිත නෙමෙයි. ඒ් අය පොලොවේ පය ගහලා ඉන්න සාමාන්‍ය පිරිසක්.


මෙන්න මේ කියන අනවබෝධය තමා මේ බිඳවැටීමට ප්‍රධානම හේතුව.

 



ඔබ වැඩිපුරම කැමති  සම්බන්ධ වෙන්න ටෙලිනාට්‍යය වලටද,චිත්‍රපට වලටද,වේදිකා නාට්‍ය වලටද නැත්නම් වෙළඳ දැන්වීම් සඳහාද?


මම ඔය හැම ක්ෂේත්‍රයකටම සම්බන්ධ වෙලා තියෙනවා.


ඒ ගැන අත්දැකීම් පවා ගොඩාක් තියෙනවා.


ඒ්ත් මම හිතන්ඉන්නවා ඉදිරියේදී වේදිකා නාට්‍ය සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන්න.


මොකද වේදිකාව තමා අපේ සැබෑ රංගන පෞරුෂය පෙන්වන්න තියෙන හොඳම තැන.


ඔබ විවාහකද ?

නැහැ.




ආදරය ගැන කොහොමද දකින්නේ ?


ආදරය කියන්නේ බොහෝම උත්තරීතර දෙයක්.


ඒ්ති අද වෙද්දී බොහෝ දෙනා මේක හඳුනගෙන තියෙන්නේ බොහොම වැරදි විදියට.


සරලව කිව්වොත් වැරදි තැනින් අල්ලගෙන.


මාත් ආදරය කරලා තියෙනවා.


ඒ්ත් ඉතිරිවුනේ කලකිරීම් ගොඩාක් විතරයි.


ආදරය කරද්දි ගොඩක් වෙලාවට කැප කිරීම් කරන්න වෙනවා.


විශේෂයෙන්ම විවාහයේදී.


ගැලපීම් නොගැලපීම් හඳුනාගෙන, නොගැලපෙන තැන් ගලපගෙන වැඩකරන්න වෙනවා.


ඒත් අවාසානාවට අද අවංක ආදරය ලැබෙන්නේ නැති තරම්. 


අවංක ආදරයක් ලැබෙනවනම් ලැබෙන්නේ 2% වඩා අඩු පිරිසකට.


මෙන්න මේ නිසායි අද ගොඩාක් තරුණියන් විවාහයට බය.

 


ආදරයේදී ඔබ සල්ලි කියනදේ ගැන හොයලා බලනවද?


කොහෙත්ම නෑ.


සල්ලි කියන්නේ කොල කෑල්ලක් මට අනුව නම්.අද සල්ලි නැති කෙනාට හෙට සල්ලි ලැබෙන්න පුළුවන්.


මම කවමදාවත් සල්ලි අතින් ‌පොහොසත් අයට ආදරය කරලා නෑ.


දෙන්නෙක්ට එකතු වුනොත් ඹ්නම දෙයක් දිනන්න පුළුවන්.

 

පොහොසත් කියන්නේ ඉතිං සල්ලි නෙමේද?


මෙහෙමයි සල්ලි යහමින් තියෙනා කෙනාට අපි පොහොසත් කියලා කියනවා.


හැබැයි මම හිත්නනේ සැබෑ පොහොසතා තමන් දියුණු වෙන ගමන්, තමන්ගේ වටේ ඉන්න යාළුවෝ,හිතවතුන් මේ හැමෝටමත් දියුණු වෙන්න උදවු කරලා ඒ් අයත් සතුටින් තියන්න ඹ්න.


නැතිව තමන් විතරක් සල්ලි පොදි ගහගන්න එක නෙමෙයි පොහොසත්කම.


අපි පරාර් ථකාමීත්වයෙන්  සහ මනුස්සකමෙන් පොහොසත් වෙන්න ඹ්න.


හොඳම දේ අද වෙද්දි කොරෝනා නිසා කී දෙනෙක් අසරණ වෙලාද.


මොකද සල්ලි තිබුණා කියලා කෙරෝනා හැදෙන්නේ නැද්ද?


අපි දන්න සල්ලි වත් පොහොසත්කම් තියෙන කී දෙනෙක් අද රෝහලක ඇඳක් නැතිව හුස්ම ඉල්ලනවාද?


කෝ සල්ලි වලට පුළුවන් වුනාද හුස්ම දෙන්න.


හැබැයි අපි මනුස්සකමින් පින පව තේරුම් අරන් හිටියොත් ස්භාවදහම පවා අපිව රකිනවා.


මොකද මේ ස්භාවදහම නඩු අහන කාලයක්.

 


තක්ෂිලා පොහොසත් කෙනෙක්ද එතකොට ?


මම පුළුවන් හැම වෙලාවෙම අනික් අයට හැකි පමණින් උදවු උපකාර කරනවා.


පසුගිය කොරෝනා රැල්ල වෙලාවේදීත් මට පුළුවන් විදියට ක්ෂේත්‍රයේ ඉන්න උදවු අවශ්‍ය කිහිපදෙනෙක්ට වගේම ගමේ ඉන්න අසරණ පවුල්වලට උදවු උපකාර කළා.


ඒ දේවල් මම කලේ කිසිම දෙයක් බලාගෙන නෙම් මම කැමති මම වගේම අනිත් අයත් කාලා බීලා සතුටින් ඉන්නවට.


ඒ නිසා මට අනුව මම පොහොසත් කෙනෙක්.

 

උත්පල විතානගේ.

 


 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: සල්ලි වලට කවදාවත්ම බෑ හුස්ම දෙන්න - තක්ෂීලා සෙව්වන්දි
සල්ලි වලට කවදාවත්ම බෑ හුස්ම දෙන්න - තක්ෂීලා සෙව්වන්දි
https://1.bp.blogspot.com/-BI_N85l9FZk/YSHoXmEyqFI/AAAAAAAAA28/cVAWD2PiuwcjtWBoFLVhP2PBPC67SfX0ACLcBGAsYHQ/s16000/235260068_928919354642769_2145599976917305874_n.jpg
https://1.bp.blogspot.com/-BI_N85l9FZk/YSHoXmEyqFI/AAAAAAAAA28/cVAWD2PiuwcjtWBoFLVhP2PBPC67SfX0ACLcBGAsYHQ/s72-c/235260068_928919354642769_2145599976917305874_n.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2021/08/22-Thaksilasewwandi-actress-interview-stargossip-bottomline-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/08/22-Thaksilasewwandi-actress-interview-stargossip-bottomline-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content