බොලිවුඩයේ සුප්‍රසිද්ධ පෙම් යුවළවන රබීර් කපූර් සහ ආලියා බාත් මේ වසරේදී විවාහ වීමට සූදානමක් පවතින බවට වාර්තා වෙනවා ටයිම්ස් නිව් පුවත්පත ස...
බොලිවුඩයේ සුප්‍රසිද්ධ පෙම් යුවළවන රබීර් කපූර් සහ ආලියා බාත් මේ වසරේදී විවාහ වීමට සූදානමක් පවතින බවට වාර්තා වෙනවා
ටයිම්ස් නිව් පුවත්පත සමග කළ සාකච්ඡාවකදී ලාරා දත්තා මේ පිළිබඳව පවසා තිබෙනවා.
ප්‍රසිද්ධ වේදිකාවල තමන්ගේ සබඳතාව ගැන වැඩිපුර කතා නොකරන රබීර් පසුගිය වසරේ හිටපු මාධ්‍යවේදී රජීව් මසන්ඩි සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහය ප්‍රමාද වූ බවයි.
ආලියා සහ රන්වීර් 2017 වසරේ සිට පෙම්වතුන්ව සිටින අතර මොවුන් දෙදෙනාගේ පවුල් දෙක අතරද සමීප සම්බන්ධතාවක් පවනවා.
රබීන්ගේ මව වන නීතු කපූර් සහ සහෝදරිය වන රිද්දිමා කපූර් සාහ්නි සමග ආලියා බොහෝ සෙයින් සමීප අතර නිරන්තරව ඔවුන්ගේ මුණගැසීම් දකින්නට ලැබෙන බවයි බොලිවුඩයේ ආරංචි මාර්ග පවසන්නේ
අයාන් මුකර්ජීන්ගේ 'Brahmastra' චිත්‍රපටයෙන් ළඟදීම ආලියා සහ රන්ධීර්ව එකට දැකගැනීමට හැකිවෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ.