ගායනවේදිණී කුමාරි බෝතටගේ මහත්මිය සිය දිවි මඩලෙන් සමුගත්තා. ඇය ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය මෑණියන්වනවා. ප්‍රවී...
ගායනවේදිණී කුමාරි බෝතටගේ මහත්මිය සිය දිවි මඩලෙන් සමුගත්තා.
ඇය ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය මෑණියන්වනවා.
ප්‍රවීණ සංගීතාචාර්‍යවරයෙක් වන ප්‍රේමදාස මුදුන්කොටුව සූරීන්ගේ බිරිද වන කුමාරි මහත්මිය කළාකාමී රසබර චරිතයක්.
"කටේ ඇඟිලි රුවාන ඉන්නා"නම් වූ නැලවිලි ගීතයද, ප්‍රේමදාස මුදුන්කොටුව සූරීන් සමග ඇය ගැයූ ඩෝල්ටන් අල්විසුන් ලියා දුන් "නෙත් සඟලින් කියාපන්කෝ", "ඇල් හේන දිගේ පාන වගේ" වැනි ගීතයන් ද ඇය ගැයූ අතළොස්සක් ගීත අතර කැපීපෙනෙන ගීතයන් වනවා.
වෘත්තියෙන් ගුරුවරියක හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජන ගී ගායිකාවක වූ කුමාරි බෝතොටගේ ගායනවේදිණිය මිය යන විට 86 වන වියේ පසුවුණා
කුමාරි බෝතටගේ ගායනවේදිණියනි ඔබට Star gossip අප නිවන්සුව පතන්නෙමු !!!