$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ඒ සතුට මට සියයට සියයක් අව්‍යාජව ලබන්න බැහැ. - සුධීක්ෂා සමාධි

  බ්‍රෝ” මෝදර බඹරු” හේලි වැනි ටෙලි නිර්මාණ මගින් ඔබ හමුවට පැමිණි සුධීක්ෂා  සමාධි මේ දිනවල දිවිතුරා හි රෙහානා ලෙසින් වෙනස්ම චරිතයක් හරහා ඔබේ ...


 


බ්‍රෝ” මෝදර බඹරු” හේලි වැනි ටෙලි නිර්මාණ මගින් ඔබ හමුවට පැමිණි සුධීක්ෂා  සමාධි මේ දිනවල දිවිතුරා හි රෙහානා ලෙසින් වෙනස්ම චරිතයක් හරහා ඔබේ ආලින්දයට ගොඩ වෙනවා.

මේ ඇය සතිඅන්ත පුවත්පතක් එක්ක කතා බහක් මේ

රෙහානා වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?


ඒ අවස්ථාව ලැබුණෙ දිවිතුරා ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්‍ෂවරයෙක් හැටියට කටයුතු කරන නිශාන්ත අයියා අරහා. ඔහු තමයි චරිතයේ ස්වභාවය කියල මට නාට්‍යයට ආරාධනා කළේ. 

 

ඒ මම ඉරේෂ් ලොකුබණ්ඩාරගෙ නාට්‍යයක වැඩ අවසන් කරල නිදහසේ සිටි කාලයක්.


ඒ නිසාම සහ වෙනස් චරිතයක් නිසා” ඒ කියන්නෙ රැප් ගර්ල් කෙනෙක්ව තමයි මට නිරූපණය කරන්න තියෙන්නෙ. ඒක අභියෝගයක්. 

 

මොකද මම සිංදු කියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ නිසා දෙයක් අලූතින් අධ්‍යයනය කරන් පුළුවන් නිසා චරිතය භාර ගත්තා.




රෙහානාට ලැබෙන ප‍්‍රතිචාර?
 

මම චරිත නිරූපණය කරන කොටස් විකාශනය වෙලා තවම දවස් හතරක්වත් ගියේ නැහැ. 

 

මේ චරිතය භාරගන්නකොටත් කොටස් හැට දෙකක් විකාශනය වෙලා අතරමැදදි සම්බන්ධ වෙලා දවස් හතරක් වැනි කෙටි කාලයකදි නොසිතුව විදිහෙ ජනප‍්‍රියත්වයක් ලැබෙමින් පවතිනව.



මම වැඩක් භාරගනිද්දි ඒ චරිතය හරි ඩ‍්‍රාමා එක හරි ජනප‍්‍රිය වෙයිද කියන දේ හිතන්නෙ නැහැ. චරිතය කරන්න පුළුවන්නම් සහ කරන්න බැරි වුණත් මට පුළුවන් කියන අභියෝගය භාරගන්න පුළුවන් නම් මම ඒක භාරගන්නවා.



මොකද මට දෙයක් අධ්‍යයනය කරනගමන් ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න ඕනා. රෙහානාත් එහෙම භාරගත්ත චරිතයක්. යූ ටියුබි එකේ කමෙන්ට් දකිනකොට පුදුම විදිහට ආදරේ හිතෙනව. 

 

ආසා හිතෙනව. දෙයියනේ මේ තරම් පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර තියෙනවද කියල.



 මේ චරිතය හිට් කරගන්න කළ දෙයක්ද?


 නැහැ… නැහැ.. මේ මම දැනුවත්ව කළ දෙයක් නොවෙයි. 

නමුත් ෆේස් බුක් සමාජ ජාලයේ පේජස් වලට මුදල් වියදම් කරල කරන්න පුළුවන් වැඩ තියෙනව. 

රංගන ශිල්පියෙක් විදිහට මම මාවම හිට් කරගන්න ඒ වගේ දෙයක් කළොත් ඒ සතුට මට සියයට සියයක් අව්‍යාජව ලබන්න බැහැ. 




ඒ නිසා මේ ලබපු ජනප‍්‍රියත්වය මට සියයට සියයක් නිරහංකාරව භුක්ති විඳිනව. 

ඒ වගේම සමාජ ජාලවල එවැනි පෝස්ට් හදන්න කලාකරුවන් වෙනුවෙන් යමක් කරන්න කාලය කැප කළ සියලූ දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.



සුධීක්ෂාගේ බාහිර පෙනුමද මේ චරිතය ලැබෙන්න හේතු වුණේ?


 ගොඩක් වෙලාවට මගේ කොණ්ඩය සහ පෙනුම නිසාද දන්නෙත් නැහැ. කොහොම වුණත් මෙච්චර කාලෙකට නම් මට මේ වගේ චරිතයක් ලැබිල නැහැ. 

ගැමි චරිතයක් කරන්න කරන්න හරිම ආසාවෙන් ඉන්නවා. නමුත් තවම ලැබුණෙ නැහැ. කොණ්ඩය පෙනුම වුණත් චරිතයට අනුව වෙනස් කරගන්න සිද්ධ වෙනවනෙ.



ඔබ දායක වන නිර්මාණ මොනවාද?



 මේ දවස්වල විකාශනය වෙන්නෙ දිවිතුරා නාට්‍යය විතරයි. මේ මාසය අවසානයේ හෝ ලබන මාසයේ මුල ඉරේෂ් ලොකුබණ්ඩාරගෙ නාට්‍යයක ප‍්‍රධාන චරිතයකින් පේ‍්‍රක්‍ෂකයන්ට දැකබලාගන්න පුළුවන් වෙයි.



 මොකක්ද මේ නිර්මාණය?


 මේ නාට්‍ය නම්කරල තියෙන්නෙ ‘බිඳුණු හසරැුල්. කියල. ඒ චරිතයේ නම රෙහානි.



 නාට්‍ය දෙකට එක හා සමාන නම් දෙකක්?


 ඔව්. ඒක මටත් පුදුමයක් වුණා. දිවිතුරා නාට්‍යයට ආරාධනා එනකොට මම බිඳුණු හසරැුල් කරල ඉවරයි. ඒ නිසා මට දිවිතුරා කණ්ඩායමට කිව්වා මෙහෙම නාට්‍යයක් කළා” ඒ නාට්‍යයටත් මේ හා සමාන නමක් තියෙන්නෙ කියල.

නමුත් දිවිතුරා පිටපත් රචක චරිතයට රෙහානා කියන නම යොදල තිබුණ නිසා වෙනසක් කළේ නැහැ.



 ඔබ එක තැනකට කොටු වෙලා?


 එහෙම නැහැ. මම කැමතියි වෙනස් චරිත කරන්න. මීට පෙර මම ‘බ්‍රෝ. නාට්‍යයේ රඟපෑවා. නමුත් බොහෝ වෙලාවට දිවිතුරා විකාශනය වෙනකොට බ්‍රෝ නාට්‍යයේ සුප්පාට රගපෑවේ මම කියල පේ‍්‍රක්‍ෂකයන් දන්නේ නැහැ. 



ඒක ඒ තරමට වෙනස් චරිතයක්. ඒ වගේම මෝදර බඹරු නාට්‍යයේ අන්ධ චරිතයක්. හේලි නාට්‍යයේ බොළඳ ගැහැනු ළමයකුගේ චරිතයක්. මේ වගේ විවිධ චරිත හරහා පේ‍්‍රක්‍ෂකයන් අතරට එන්න මට අවස්ථාව ලැබුණා.



 සුධීක්ෂා නිළියක් නොවුණා නම්?


 නිළියක් වෙන එක මගේ පොඩි කාලෙ ඉඳන් තිබුණ හීනයක්. පාසල් කාලයේ ඉඳන්ම කලා කටයුතු වලට සහභාගී වුණා. මගේ පවුලේ අය” යහළු යෙහෙළියෝ මේ හැමෝම දැනගෙන හිටියා දවසක මම කලා ක්‍ෂේත‍්‍රයට එන බව.

බැරි වෙලාවත් එහෙම නොවුණ නම් මම නිතිඥවරියක් නැතිනම් මොකක් හෝ වෘත්තියකට කොටු වුණ ගැහැනියක් වේවි.



 අද සුධීක්ෂා ෙෙග්  වෘත්තිය?


 කලාව තමයි මගේ වෘත්තිය. ඊට අමතරව මගේම කියල සැලෝන් එකක් පවත්වාගෙන යනවා
 


 ඔබ වෙනත් රැකියාවක් කළා?


 ඔව්. මම සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතනයක අවුරුදු නවයක් රැුකියාව කළා. නමුත් කොවිඞ් තත්ත්වයත් එක්ක ඒ රැුකියාව නතර වුණා. එතනදි මම රක්‍ෂණ උපදේශිකාවක් හැටියට බාහිර රැකියාවක් තෝරා ගන්නවා.


 සැලෝන් එකේ වැඩකටයුතු කොහොමද?


 සැලෝන් එකේ වැඩ කරන්න වෙනම අය ඉන්නවා. එයාලගෙ උදව් එක්ක තමයි මේ ගමන යන්නෙ. මම නැතත් ඔවුන් පිළිවෙළට වැඩකටයුතු කරගෙන යනව.


 මහේෂ් එදිරිසිංහ

 


 


[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ඒ සතුට මට සියයට සියයක් අව්‍යාජව ලබන්න බැහැ. - සුධීක්ෂා සමාධි
ඒ සතුට මට සියයට සියයක් අව්‍යාජව ලබන්න බැහැ. - සුධීක්ෂා සමාධි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSDEBNSV4mSpuoo7npMMjj5C4AZyCebEwY39tgfny0IABAATHLlWSER2rwTMKziMBfXuSEgvC8_vfQwf7QW-3NiokmbM3E5h43NBs4knKnSOv1iMQUdUu7sc3VWSn_v1-0qxtq5iW7jYc/s16000/sudira+3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSDEBNSV4mSpuoo7npMMjj5C4AZyCebEwY39tgfny0IABAATHLlWSER2rwTMKziMBfXuSEgvC8_vfQwf7QW-3NiokmbM3E5h43NBs4knKnSOv1iMQUdUu7sc3VWSn_v1-0qxtq5iW7jYc/s72-c/sudira+3.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/08/11-SudeekshaSamadhiPerera-interview-divithura-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/08/11-SudeekshaSamadhiPerera-interview-divithura-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content