$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

දියවන්නා කුමාරියේ ගීතය මගේ නෙමෙයි - දුමාල්

ජනප්‍රිය ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරිය මේ දවස් වල් හැමෝම කතාකරන දෙයක් ගැන සති අන්ත පුවත්පතකට මෙහෙම කියලා තිබුනා. සිරස සුපිරි තරු මාවතේ ආ...



ජනප්‍රිය ගායන ශිල්පී දුමාල් වර්ණකුලසූරිය මේ දවස් වල් හැමෝම කතාකරන දෙයක් ගැන සති අන්ත පුවත්පතකට මෙහෙම කියලා තිබුනා.

සිරස සුපිරි තරු මාවතේ ආ දුමාල් වර්ණකුලසූරිය තෝරාගෙන තියෙන්නේ වෙනස් මාවතක්.

සාමාන්‍යයෙන් තරුණ ගායකයෙක් තෝරගන්නේ නැති මාවතක්. හරියට කියනවා නම් ඒක උඩුගම් බලා පිහිනනවා වගේ වැඩක්.

කාලයත් එහෙම වැඩක්. ටිකක් වෙනස්. කියවලා බලන්න. දුමාල්ගේ කතාවත් ටිකක් වෙනස්.


 *
දුමාල් මේ දිනවල මොනවද කරන්නේ?

 
මේ දවස්වල ටෙලිනාට්‍යයක සංගීත අධ්‍යක්ෂණ වැඩ කටයුතු කිහිපයක් කරනවා. තව මගේ අලූත් නිර්මාණ කිහිපයක වැඩ කටයුතු කරනවා. එ් වගේම මියුසික් ඇකඩමි එකේ ඔන්ලයින් ක්ලාස් කරගෙන ඉන්නවා


 *
ඔබේ අලූත්ම ගීතය කාලය. ට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

 
ඔව් අලූත්ම ගීතය කාලය. ටෙ‍්‍රන්ඩින් වන් වෙලා තිබුණා පසුගිය සති කිහිපයේ. විව්ස් ටිකත් හෙමින් හෙමින් වැඩි වෙනවා. ඒ වගේම ලැබෙන ප‍්‍රතිචාර නම් ගොඩක් ඉහළයි.

 *
මේක ටිකක් වෙනස් නිර්මාණයක්.

 
මේ ගීතයේ තියෙන්නේ අපි හැමෝටම පොදු කාරණාවක්. තම තමන්ට ආවේනික විදිහට තමයි අපි එ්ක අරගන්නේ. මේ ගීතයේ තියෙනවා කොටසක් මල සෙනෙහසට හුස්ම පිඹිමින් සිටිමීනොමල ගෙයකින් අබ මිටක් පතමීමේ කොටසේ තියෙනවා අපිට කියන්න ඕන හැමදේම. 

මේ ගීතයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ පසන් තිලකවර්ධන. සිංදුව ලිව්වේ පුන්‍යා සමරකෝන්. බුද්ධික පෙරේරා, රුක්ෂාන් ගුණවර්ධන සහ කේතකී සුරවීර වාදනයෙන් සහය වුණා. රොකෝඩින් කළේ ළහිරු කොස්තා සහය ගායනය නවෝද් ජයරත්නගෙන්.

 


* ඇයි නාද සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණේ?

 
ඉවත් වුණේ මොකුත් ප‍්‍රශ්නයක් හේතුවෙන් නෙමෙයි. මම ෆුල් ටයිම් සංගීත කණ්ඩායම සමග වැඩ කරන එකෙන් ඉවත් වුණා පමණයි. මගේ වෙනත් සංගීත වැඩ කටයුතු සහ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු එකට කලමනාකරණය කරගන්න අපහසු නිසා තමයි මම ඉන් ඉවත් වුණේ. එ් හැර වෙනත් කිසිම හේතුවක් නැහැ.

 *
දුමාල් කියන්නේ වැඩියෙන් වැඩ කරලා අඩුවෙන් ජනපි‍්‍රය වුණ චරිතයක් නේද?

 
මට ඕනේ කරන වැඬේ හරියට කරන්න. මම ඉන්නේ එ්කේ. හිට් වෙන්න වැඩ කරන්න ඕනෙ නැහැ. හැබැයි මම ජනපි‍්‍රය නැත්තෙත් නැහැ. රටේ සේරම දෙනා නැති වුණාට බහුතරයක් මාව දන්නවා

 *
ඒ කියන්නේ දුමාල් වැඩ කරන්නේ මාකට් එකකට අනෙමෙයි කියලද?

 
ඇත්තටම මාකට් එකට වැඩකරනවා කියන එකේ මම නැහැ. එ් කියන්නේ මාකට් එකට දාන ජාතියේ සිංදු මම හදන්නේ නැහැ. මම බලන්නේ සිංදුව ඇතුළේ තියෙන ගුණාත්මක භාවය. මට ඕනේ හොඳ නිර්මාණයක් එළියට දාන්න මිසක් මාකට් වෙන්න සිංදු දාන්න නෙමෙයි.

* පේ‍්‍රමය නම්. චිත‍්‍රපටයේ පසුබිම් ගායනයට ලැබුණු සරසවි සම්මානය ගැනත් කතා කරමු

 
ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. මොකද චිත‍්‍රපටයක් සඳහා මට ලැබුණු පළමුවැනි සම්මානය තමයි සරසවි සම්මානය. මහචාර්ය සුනිල් ආරියරත්න සර් සහ අචාර්යය රෝහණ වීරසිංහ සර් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එ්තුමන්ලා දෙදෙනාම එකතුවෙලා කරපු නිර්මාණයක් මම ගායනා කරපු පළමු අවස්ථාව.

ඒකටම සම්මානය ලැබීම ගැන ලොකු අඩම්බරයක් තියෙනවා.

 
නමුත් සම්මානය දෝතට ගන්න ඔබ ඒ අවස්ථාවේ ලංකාවේ හිටියේ නැහැ.

 
එ්කනම් ඇත්තටම ලොකු අවාසනවාක්. ඒ අවස්ථාවේ ප‍්‍රසංග කිහිපයකට මම ඔස්ටේ‍්‍රලියාවට ගිහින් හිටියේ.




 * වර්තමානයේ බිහිවෙලා තියෙන කවර් සෝන්ග් රුල්ල ගැන මොකද කියන්නේ?

 
කවර් සෝන්ග් එකක පැති දෙකක් තියෙනවා. අපිට වැඩිය අහන්න නොලැබුණු නිර්මාණ කවර් එකක් හරහා එළියට ඇවිත් ඉතාම ජනපි‍්‍රය වුණු අවස්ථා තියෙනවා. එ් කියන්නේ යට ගිහින් තිබුණු අපිට නෑසුණ ගීත යළිත් අසෙන්න පටන් ගත්තා. එ්ක සතුටට කාරණයක්. හැබැයි කවර් සෝන්ග් කරලම ගොඩ යනවා කියලා හිතන් ඉන්නවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. තමන් ගේ හැකියාව පේන්න කවර් සෝන්ග් එක්ක කරලා පස්සේ තමන්ගේ ගීතයක් නිර්මාණය කරගන්න එක තමයි හොඳ.

 *
දුමාල් බීට් බෑන්ඞ් එක්ක සිංදු කියන්නේ නැත්තේ ඇයි?

 
මම සුපර් සටාර් ගිය මුල්ම කාලයේ එළිමහන් ප‍්‍රසංගවල බීට් බෑන්ඞ් එක්ක සිංදු කියලා තියෙනවා. ඊට පස්සේ මට හිතුනා මම ගායනා කරන ගීත එළිමහන් ප‍්‍රසංගවලට ගැලපෙන්නේ නෑ වගේ කියලා. එ් නිසා එ් ප‍්‍රසංග කලාවෙන් මම ඉවත් වුණා.

 * ‘
දියවන්නා කමාරියේ. ගීතයට වැඩිපුරම ලැබුණේ මොනවගේ ප‍්‍රතිචාරද?

 
දියවන්නා කුමාරියේ ගීතය මගේ ගීතයක් නෙමෙයි. එ්ක නාද සංගීත කණ්ඩායමේ ගීතයක්. මම සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට ඉන්න කාලේ එ් ගීතය ගායනා කළාට දැන් තනියම ගිහින් ප‍්‍රසංගවල මට එ් ගීතය ගායනා කරන්න බැහැ. එ් ගීතයට අද වෙනකන් නරක ප‍්‍රතිචාරයක් ඇවිත් නැහැ. එ් මේ ගීතයේ අන්තර්ගතය රටේ යතාර්ථය නිසා වෙන්න ඇති.


කසුන් රණවීර - දිවයින

 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: දියවන්නා කුමාරියේ ගීතය මගේ නෙමෙයි - දුමාල්
දියවන්නා කුමාරියේ ගීතය මගේ නෙමෙයි - දුමාල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnBblz57Jnzp2ZD59Z7Hy_KKz1lrwsWmCwX7KFnL94q9gAoAuuN6REXknGBp_rXcFz7ZTDBT2EfmRXtgWkozLN23n2C1mE9UhNkkgsEJjwVvq5YHjMp0qNlNbaJDASov4XLOI090zQLnM/s16000/dumalwarnakula3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnBblz57Jnzp2ZD59Z7Hy_KKz1lrwsWmCwX7KFnL94q9gAoAuuN6REXknGBp_rXcFz7ZTDBT2EfmRXtgWkozLN23n2C1mE9UhNkkgsEJjwVvq5YHjMp0qNlNbaJDASov4XLOI090zQLnM/s72-c/dumalwarnakula3.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/08/10-dumalwaranakulasooriya-diwannakuariye-interview-kalaya.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/08/10-dumalwaranakulasooriya-diwannakuariye-interview-kalaya.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content