නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජනප්‍රිය ප්‍රවීණ චිත්‍රපට,වේදිකා නාට්‍ය, සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පීනී හයිසින්ත
ප්‍රවීණ චිත්‍රපට, වේදිකා සහ ටෙලි නාට්‍යරංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මිය අද දිවිසැරිය නිමා කලාය.
ඒ් නුවරඑළිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින්. ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන්ගත් වෑන් රථය ඊයේ (30) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇත.
මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුගතපාල සෙනෙරත් යාපාගේ හඳුන්වා දීමෙන් "පෙම්බර මධු" චිත්‍රපටයේ මේනකා නම්වූ උප ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට එක්වූ ඇය "කරුමක්කාරයෝ", "කිරි මදු වැල්", "ගෙදර බුදුන් අම්මා", සළඹක් හඬයි", "වන බඹරා", "විජය ගීතා", "ක්‍රිස්තු චරිතය", "ඉන්දුට මල් මිටක්", "තුන්වැනි යාමය", "සුරබිදෙන", "බිතු සිතුවම්" වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.
වේදිකාවේ ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළ ඇය පුංචි තිරයට එක්වුයේ නිහාල්සිංහයන්ගේ "දිමුතු මුතු" ටෙලි නාට්‍යයෙනි.
"සුළඟ", "සුබ ප්‍රාර්ථනා", "හිම රාත්‍රිය", "ප්‍රමාද වැඩියි", "චාතුර්යා", බට්ටි" වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය.
ඇය කළ චරිතනිරූපනය කල "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ ගුරුගෙදර හාමිනේ, "අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ" චිත්‍රපටයේ ධර්මපාලතුමාගේ මව සහ "අප්පට සිරි" චිත්‍රපටයේ ප්‍රහසනාත්මක චරිතය වැනි චරිතයන් රසික හදවත් වල සදා අමරණීයව පවතී.
අප අතරින් වෙන්වූ ප්‍රවීන රංගන ශිල්පීනී හයිසින්ත් විජේරත්න මහත්මියට අප අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරමු.