$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

ඒක දරාගන්න බැරි තරම් ජීවිතයේ හැරවුම්ලක්‍ෂ්‍යයක්.

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ඔබ ආදරයකරන පොඩ්ඩි  නැත්නම් නිම්මි මනෝහාරි සති අන්ත පුවත්පතකට මෙන්න මෙහෙම කියලා තිබුනා. කොවි...

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ඔබ ආදරයකරන පොඩ්ඩි  නැත්නම් නිම්මි මනෝහාරි සති අන්ත පුවත්පතකට මෙන්න මෙහෙම කියලා තිබුනා.


කොවිඩ් වසංගතය අපේ රටේ මිනිසුන්ගේ ජීවිතය මොන විදිහට වෙනස්කම් කළාද? සංචරණ සීමා කාලයේ ගෙදරට වෙලා හිටපු ගොඩක් දෙනෙක්ට අද වෙනකොට දිගටම ගෙදරට වෙලාඉන්න සිද්ධවෙලා තියෙනවා. ඒ රැකියාව අහිමිවීමෙනි.

 

ඇයටත් වුණේ ඒ දේම තමයි. ඇය වැඩ කළ ක්‍ෂේත‍්‍රය කඩාවැටීමත් සමග ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණා. නමුත් වාසනාවකට වගේ ඇයට මේ පොඞ්ඩිව හම්බ වුණා.

 

එතැනින් පස්සේ වසංගතය වසංගතයක් වෙලා රටම පොඞ්ඩි ගැන කතා කරන්න ගත්තා. වසංගතයත් සමග ගෙදරට වෙලා හිටපු නිම්මි මනෝහාරිට නාඩගම්කාරයෝ එකේ පොඞ්ඩිව හම්බවුණ හැටියි මේ තියෙන්නේ.


* නාඩගම්කාරයෝ පොඞ්ඩි ගේ චරිතය ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?


මම මේ නාට්‍යයට සම්බන්ධ වෙනකොට දැනගෙන හිටියා ප‍්‍රසන්නජිත් අබේසූරිය සහ මීනා කුමාරි කියන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගේ දුව විදිහටත් සෙනාලි ෆොන්සේකා ගේ නංගි විදිහටත් රංගනයෙන් දායක වෙන්නේ කියලා. මට මේ චරිතයට සම්බන්ධ වෙද්දි පොඩි චකිතයක් තිබ්බා. 


මම රංගනය හදාරලා තිබුණෙත් නැහැ. බයත් එක්ක තමයි ආවේ. ටික වෙලාවක් යද්දී ඔවුන්ගේ සහයෝගයත් එක්ක ඒ දේවල් නැති වුණා. මම හරි වාසනාවන්තයි නාඩගම්කාරයෝ පවුලත් සමඟ එකතුවීම සම්බන්ධයෙන්.



* ඔබ මේ චරිතයට මාලන්ව අනුකරණය කරනවා. ඒ ගැන කට්ටිය මොනවද කියන්නේ?

නාට්‍ය පටන් ගැනීමේදී මේ චරිතය ගියේ හරිම නිවිච්ච චරිතයක් විදිහට. හැබැයි මඟක් දුරක් යද්දී චරිතය හාත්පසින්ම වෙනස්වෙන්න ගත්තා මාලන්ගේ අනුකරණයත් සමඟ.


මම හිතනවා දිගටම ඒ අනුකරණය තිබේවි කියලා. ඉස්සරහට මොනවා වේවිද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි මාලන්ගේ චරිතය අනුකරණය කිරීම මට ලොකු අභියෝගයක් වුණා. 


මොකද කෝකිල පවන් කියන රංගන ශිල්පියා මාලන්ට ලොකු සාධාරණයක් කරලා තියෙනවා. 


මට ඒ හා සමානව කරගන්න පුළුවන්ද කියන බිය තිබ්බා. නමුත් හැමෝගෙම සහයෝගය මැද්දේ මට මේ චරිතය සාර්ථක කරගන්න පුළුවන් වුණා.



* මාලන්ගෙන් මේ අනුකරණයට විරුද්ධත්වයක් නැතිද?


නැහැ කෝකිල අයියා හරි ආසයි මම ඒ වැඬේ කරනවා බලන්න. අනික අඩුපාඩු තිබුණොත් ඒවා මට කියලා දෙනවා. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.



* පොඞ්ඩි නිසා රංගනයට අලූත් ආරාධනා ලැබිලා තියෙනවාද?


ඔව්. ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක් නෙවෙයි. කොටස් කිහිපයක එකක්. මේ දිනවල ඒ චරිතය සඳහා කරුණු කාරණා එකතු කරගනිමින් සිටිනවා.


* කැපිලි කෙටිලි කියන මාතෘකාවට ඔබව හසුවුණේ නැතිද?


නැහැ. ඇත්තටම නැහැ. ඒක මගේ වාසනාව වෙන්න ඇති. මට නාඩගම්කාරයෝ පවුල තුළ එහෙම ප‍්‍රශ්න ඇත්තෙම නැහැ.


 පුංචි හෝ වෙනස්කමක් දැනිල නැහැ. 


ඒ හින්ද මට ඔය කියන මාතෘකාව ගැන ලොකු අත්දැකීමක් නැහැ. 


කොහොමත් ඕනැම ක්‍ෂේත‍්‍රයක ඔය කියන අය ඉන්නවා වගේම මේ ක්‍ෂේත‍්‍රයෙත් ඇති. හැබැයි මට තවම එහෙම වෙලා නැහැ.




* රඟපෑම ඔබේ පුංචි කාලේ ඉඳලා තිබුණ සිහිනයක් හැබෑවීමක් ද?

නැහැ ඇත්තටම මට රංගන ක්‍ෂේත‍්‍රයට එන්න අවශ්‍යතාවක් තිබ්බේ නැහැ. නමුත් මට පුංචි කාලයේ ඉඳලා හොඳ කලා රසවින්දනයක් තිබුණා. 


පාසල් කාලයේත් මම නර්තනය තමයි විෂයයක් විදිහට හැදෑරුවේ. මේක අහම්බයෙන් ලැබුණු චාන්ස් එකක්.


* පොඞ්ඩි හම්බවෙන්න කලින් ඔබ මොනවද කළේ?


මම වෘත්තීමය වශයෙන් සංචාරක හෝටල් ක්‍ෂේත‍්‍රයේ ඉවෙන්ට් කෝඩිනේටර් කෙනෙක් විදිහට තමයි රස්සාව කළේ.


* කොරෝනා වසංගතය නිසයි ඔබට රඟපෑමට එන්න පුළුවන් වුණේ?


ඔව් කොරෝනා වසංගතයත් එක්ක අපිට විදේශීය සංචාරකයන් එන එක නැති වුණා. ඉතිං ඉවෙන්ට් සියල්ල නැවතුණානෙ. ගෙදරට වෙලා ඉන්නකොට තමයි මට මේ ආරාධනාව ලැබුණේ.


* දැන් රංගනය වෘත්තියක් විදිහට කරන්නද සූදානම?


මම තවම වෘත්තීය රංගන ශිලිපිනියක් නොවෙයි. අනික මම විශ්වාස කරන්නේ නැහැ මම රංගන ශිල්පිනියක් කියලාවත්, නිළියක් කියලාවත්. මම තවම මේකේ පොඩි දරුවෙක් විතරයි. 


තවම බහ තෝරන අවධියේ කිව්වොත් නිවැරදියි. වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න තරම් මට සුදුසුකම් තියෙනවාද කියලා මම මගෙන්ම ප‍්‍රශ්න කරගන්නවා.




* ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට මොකද හිතෙන්නේ

ජීවිතය ගැන බලද්දී ජීවිතයේ කඩාවැටීම් තියෙනවා. නැගිටපු තැන් තියෙනවා සහ නාඩගම්කාරයෝ තුළට ආවට පස්සේ ජීවිතය හාත්පසින්ම වෙනස් වුණා.


 ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැරි තරමටම ජීවිතය සෑහෙන වෙනස්වීමක් සිද්ධ වෙලා තියෙනවා.

 

නොසිතූ දෙයක් නොපැතූ දෙයක්. සෑහෙන ලොකු වෙනස්වීමක් වෙලා තියෙනවා. ඒවත් එක්ක ජීවිතය කොහොමද පවත්වාගන්නේ කියන එකත් ලොකු අත්දැකීමක්.



* පොඞ්ඩි ජීවිතයේ ලොකු පෙරළියක් කළාද?

ඔව් මම හැම තිස්සේම මගේ ජීවිතයේ නිදහස හොයපු කෙනෙක්. නිදහසට ආදරය කරපු කෙනෙක්. පොඞ්ඩි කියන චරිතය හරහා මිනිස්සු පොඞ්ඩිට අතිශය ආදරය කරන්න පටන්ගත්තා. 


පොඞ්ඩිව වැළඳගත්තා. 


ඒක දරාගන්න බැරි තරම් ජීවිතයේ හැරවුම්ලක්‍ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒක හිතන්නේ නැති වෙලාවක ලැබුණු දෙයක්නේ. අපි කවදාවත් හිතන්නේ නැති වෙලාවක ලැබුණු ලොකු සප‍්‍රයිස් එකක්.



* පොඞ්ඩි හම්බ නොවුනා නම් නිම්මිගේ ජීවිතයට ඇත්තටම මොකද වෙන්නේ?


ජීවිතය රැකියාව එක්ක තමයි.


රැකියාවයි ගෙදරයි එක්ක මම කර ගෙන ආපු වැඩ කටයුතු කරගෙන යාවි. ඉතිං ඒ දේවල් එක්ක ඉස්සරහට යයි.


– දිනේෂ් විතාන-



[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: ඒක දරාගන්න බැරි තරම් ජීවිතයේ හැරවුම්ලක්‍ෂ්‍යයක්.
ඒක දරාගන්න බැරි තරම් ජීවිතයේ හැරවුම්ලක්‍ෂ්‍යයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT152W64yHYFveHdshg11cejpGKbDeM2HoXf0w00R6lqZF_sdZhcjvIUqIwUW-ULcrofSqboQ1zVLRLk2NboEmDXk8ye58U8sAKaLk7Kh0LHMY3i-zkjd9ZcVnHAWuwV67YXroCubzfhM/s16000/158444486_146014904054741_5426298010118227727_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjT152W64yHYFveHdshg11cejpGKbDeM2HoXf0w00R6lqZF_sdZhcjvIUqIwUW-ULcrofSqboQ1zVLRLk2NboEmDXk8ye58U8sAKaLk7Kh0LHMY3i-zkjd9ZcVnHAWuwV67YXroCubzfhM/s72-c/158444486_146014904054741_5426298010118227727_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/07/31-nimmi-manohari-nadagamkarayo-poddi-interview-.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/07/31-nimmi-manohari-nadagamkarayo-poddi-interview-.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content