$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා - චුලක්ෂි

  සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග. මේ දවස්වල තරු පොකුරක් සමග එකම වේදිකාවේ   කරට තර තරග කරන විදිය මේ දවස්වල අපිට දකින්න ...

 

සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග.

මේ දවස්වල තරු පොකුරක් සමග එකම වේදිකාවේ  කරට තර තරග කරන විදිය මේ දවස්වල අපිට දකින්න පුළුවන්.

මේ දවස්වල ගෙවෙන ජීවිතයේ විස්තර ටිකක් මෙන්න මේ විදයට ඇය පුවත්පතකට කියලා තිබුනා.

 

චුලක්ෂි දැන් නටන්න පටන් අරගෙන වගෙයි. කොහොමද ඔබට මේ වෙනස් අත්දැකීමේ සොඳුරු මතකයන්?

වෙනසට මමත් ගොඩාක් කැමැතියි. පසුගිය කාලයේ සිනමා ශාලා පවා වැහිලා තිබුණේ. ඉතින් මම හිතුවා වෙනසකටත් එක්ක හිරුමෙගා රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙලා වෙනස් අත්දැකීමක් ලබමින් ප්‍රේක්‍ෂක ජනතාව පිනවන්න. නැටුමත් එක්ක ගෙවන හැම තත්පරයක්ම මට වෙනස් අත්දැකීම වගේම සොඳුරු මතකයන් බිඳිමින් සුදුසු විදියට කටයුතු කරගෙන යනවා.

ඔබ මේ ගත්ත තීරණය හරි කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම මම සතුටු වෙනවා. හැබැයි ඉතින් ඔය අතරෙ සමහරු අකැමැති වුණා. ඒ අතර තවත් සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා. තවත් සමහරු මම ගත්ත තීරණයට කැමැති වුණා.

 

නර්තනය කියන දේ ඔබට නුහුරු අත්දැකීමක්. නමුත් ඔබ නටන විදියට නුහුරු බවක් නම් අපිට දකින්නට නැහැ?

ඇත්තටම මම පාසලේදිවත් නටලා නැහැ. ඉතින් මම ගොඩාක් මහන්සි වුණා මේ ඉරියව්, හැඩතල පුහුණුවීම් වෙලා හරි විදියට කරන්න. එහෙම නුහුරු බවක් දකින්නට නැහැ කියන්නේ මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයේ ප්‍රතිඵල නිසයි.

 

විවිධ නර්තන අංගලක්‍ෂණ සමග එහි රංග වස්ත්‍රාභරණවල වෙනසක් අපි දකිනවා?

නැටුමට අදාළ විදියට ඇඳුමක් අඳින්න මම අකැමැති නැහැ. මොකද එතකොට තමයි නැචුරල් නර්තනයක් දකින්න ලැබෙන්නේ. එයින් වෙනස්ම ආකර්ෂණයක් ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා. ඉතින් මම කරන වැඩේ හරියටම කරන්න මම කැපවෙනවා. මිනිසුන් මොනවා පැවැසුවත් මට අදාළ නැහැ.

 

සිනමාව වෙනුවෙන් ඔබේ දායකත්ව මේ දවස්වල කොහොමද?

මේ වන විට චිත්‍රපට හතකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ සියල්ලම දැකබලා ගන්නට පුළුවන්. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්‍ෂණය කරනගිනිමල් පොකුරුචිත්‍රපටයට සම්බන්ධ වෙලා ඒ වැඩකටයුතුත් කරගෙන යනවා.

 

ජනප්‍රියත්වය රඳවා ගැනීමට එක දිගට වැඩ කරනවාද ඔබ?

මම එහෙම වැඩ බදාගෙන කරන්නේ නැහැ. එක නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැප වෙනවා. මොකද එහෙම එකදිගට වැඩ කරන්න ගියාම ගොඩාක් අපහසුයි. කරන වැඩේවත් හරියට කරන්න බැරි වෙනවා.

 

චිත්‍රපටයක ඔබට නිරූපණය කිරීමට නොහැකි වුණු රංගනයකට ආරාධනා කළොත් ඔබ එයට සම්බන්ධ වෙනවාද?

අනිවාර්යයෙන්ම එහෙම වෙනස් චරිතයක් ලැබුණොත් මම කරනවා. දැනටමත් එහෙම ආරාධනාවක් ලැබුණා සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඉදිරියේදී මගේ රඟපෑම වත්සුණුටෙලිනාට්‍යයෙනුත් දැකබලා ගන්නට පුළුවන්.

 

ඔබ ආපු මේ කෙටි කාලය තුළ සිනමාවේ දැවැන්තයින් සමග වැඩ කිරීමට අවස්ථාව ලැබුණා නේද?

දේදුනු ආකාශයේචිත්‍රපටයෙන් පටන් ගත්තාට පස්සේ මේ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තා. අවුරුදු හතරක පමණ කාලයක් තුළ මට මෙවැනි පුද්ගලයන් සමග වැඩ කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නේ.

 

වසන්ත විතාරණගේ














 

 

 

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,4,Bollywood,22,ChitChat,15,Cinema,19,Cinematic,7,Dance,5,Fashion,9,Featured,1,Freshers,6,Gossip,43,HotPoses,22,Interview,18,MoviePremieres,11,Music,11,News,27,on location,2,Photos,10,StarTalks,6,Trending,4,TV,35,Video,12,
ltr
item
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.: සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා - චුලක්ෂි
සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා - චුලක්ෂි
https://1.bp.blogspot.com/-DCX0Ae3ZmhY/YQEv_Iu84rI/AAAAAAAAAqw/2l25TUTxWEQk_0NlvlFIII2GWH-0fZK6gCLcBGAsYHQ/s16000/217918861_376964080460183_7609546780591136272_n.jpg
https://1.bp.blogspot.com/-DCX0Ae3ZmhY/YQEv_Iu84rI/AAAAAAAAAqw/2l25TUTxWEQk_0NlvlFIII2GWH-0fZK6gCLcBGAsYHQ/s72-c/217918861_376964080460183_7609546780591136272_n.jpg
Star Gossip - BottomLine Media Networks (Pvt) Ltd.
https://stargossip.bottomline.asia/2021/07/28-chulakshi-ranathunga.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/07/28-chulakshi-ranathunga.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content