රිය අනතුරක් සිදු කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ රංගන ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුව
රිය
අනතුරක් සිදු කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සහ රංගන
ශිල්පිනියක් වන උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය කටුගස්තොට පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25) රාත්‍රියේ මහනුවර සිට කුරුණෑගල දෙසට තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අතරතුර නුගවෙල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී ඇත.
මාර්ගයේ විරුද්ධ දිශාවේ සිට පැමිණි යතුරුපැදියක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන්ගත් 18 හැවිරිදි තරුණයා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් ක. ඇති බව කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
සැකකාරිය අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.