ප්‍රවීණ ගීත රචක සහ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය. 80 දශකයේ ගීත රචනා කලාවට ප්‍රවිෂ්ඨ වූ කැමි
ප්‍රවීණ ගීත රචක සහ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය. 80 දශකයේ ගීත රචනා කලාවට ප්‍රවිෂ්ඨ වූ කැමිලස් පෙරේරා මහතා "දේව මන්දිරයේ", "උන්මාදවූ ප්‍රේමාදරේ", "හදවිලේ ඔබ පිපුණා" වැනි සදා මතකයේ රැඳෙන ගීත රැසක මැවුම්කරුවා ය. ජනප්‍රිය චිත්‍රපට ගී ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්න ය.
1947 වසරේ අප්‍රේල් මස 04 වැනිදා වත්තලදී උපන් ඔහු සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස හා කර්තෘ තනතුරු හෙබවූ අතර පසුගිය දිනවල අසනීපයෙන් පසුවිය.
රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී අද (17) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.
එතුමාගේ දේහය හෙට(18) උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා වත්තල මහින්ද මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත . එදිනමහෙට හෙට (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
මේ එතුමා ගැන සටහනක්.
ඔබ කෙදිනක හෝ මේ ගී රස විඳ ඇත්දැයි මොහොතක් සිතා බලන්න.
"හිමි නැති පෙමකට ඉකිබිඳ හැඬුමට
සිත මගේ බොළද වෙලා
අන්සතු හදකට පෙම්කල වරදට
ලොව මට එරෙහිවෙලා"
(විශාරද මාලනි බුලත්සිංහල)
"උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉඳුනිල් දෙනයන සටහන්වේ"
(කමල් අද්දරආරච්චි+දමයන්ති ජයසූරිය)
"වාසනාවේවා වාසනාවේවා
පින්බර යුවතිය කුළකුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ..වාසනාවේවා"
(මහාචාර්ය සනත් නන්දසිරි)
"හදවිලේ ඔබ පිපුනා- නිසසලේ පෙති සැළුනා
දුනුකේ මල සේ යාවී- හදවිලේ ඔබ පිපුනා"
(ක්ලැරැන්ස් විජේවර්ධන )
"දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන පාමුල - ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සුසුමන්
නිවන ලෙසේ"
(රෝහන සිරිවර්ධන )
එසේම,
"විකසිත වතකමලේ" - සනත් නන්දසිරි
"ආදර ප්‍රිය ළදුනේ"- ෆීලික්ස් ඇන්ටන්
"හදිස්සියේ හනි හනිකට" - ටී.එම්. ජයරත්න
"රැයේ තුන් යම"- විශාරද නන්දා මාලනී
"ද්‍රර ඈත තුරු වදුලේ"-විශාරද නන්දා මාලනී
"නාමල සේ සිනාවී"- සනත් නන්දසිරි
"පෙර ඔබ මා හමුවී"- එඩ්වඩ් ජයකොඩි
"ආයුබොවේවා"- ආචාර්ය වික්ටර් රත්නායක
"පෙරදා ඈ මගේ"- රෝහණ සිරිවර්ධන
"ඔබ සිත සසලව "- දමයන්ති ජයසූරිය
"පාවේදෝ මිදී ඈත"- නිර්මලා රණතුංග
"මා තනිවෙලා"- පුන්සිරි සොයිසා
නිසැකවම මේ ගීත අසා ඇති බව ඔබේ සිත ඔබට කියනු ඇත .
"ඥානාර්ථ ප්‍රදීපය" පුවත් පතින් සිය වෘත්තීය දිවිය පටන් ගෙන ,"ලංකාදීප","ලක්බිම","ඉරුදින"," දිනමිණ"," මව්බිම"," සරසවිය","ගීතා" පුවත් පත් හී මාධ්‍යවේදියකු ලෙස කටයුතු කල ඔහු ,
"තිත්ත හකුරු" , "දඬුවම"
" මට සමාවක් නැද්ද"
යන වේදිකා නාට්‍ය ලියා වේදිකා ගත කල අතර,"දෙවෙනි ගමන", සහ " මංගල තෑග්ග"
චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂ වරයෙකු ලෙසද තම හැකියාවන් ඉස්මතුකර ලීය.
1947 අප්‍රියෙල් 04 වන දින උපන් මේ නිර්මාණශීලි කලාකරුවා නමින්, මාකවිටගේ ස්ටැන්ලි කැමිලස් ප්‍රේරා නොහොත් කවුරුත් දන්නා කැමිලස් පෙරේරා යි.
චිත්‍රපට පසුබිම් ගී නිර්මාණ ශිල්පියෙකු ලෙස , "අසිපත මමයි"-1986, "මංගල තෑග්ග"-1987,"සහරාවේ සිහිනය"-1990, "වැඩ බැරිනම් වැඩක් නෑ"-1991, "සප්ත කන්‍යා"-1993, "දෙවියනි සත්‍ය සුරකින්න"-1995, "බොඩිගාඩ්"-1996,"මන මෝහිණී"-1996," රෑ රූ"-1999, "සීත සමීරේ"-1999, "දඬුවම"-2000,"විශ්ම රාත්‍රිය"-2003 ඇතුළු චිත්‍රපට රැසකට ගීත ලියා ඇත.
කැමිලස් පෙරේරා මහතා මේ වන විට ලියා ඇති ගීත ප්‍රමාණය දහසකට අධිකය.
ඒ ගී, නීල් වර්ණකුලසූරිය, චම්පා කල්හාරි, ලතා වල්පොල , ප්‍රියංකර පෙරේරා , ග්‍රේෂන් ආනන්ද, ඩෙස්මන් ද සිල්වා , ශ්‍යාමි ෆෝන්සේකා, ඩැල්රීන් සුබී,නිරෝශා විරාජිනි, නුවන් ගුණවර්දන, විජය කුමාරතුංග, කීර්ති පැස්කුවල්, ආනන්ද වීරසිරි,මිල්ටන් මල්ලවආරච්චි ඇතුළු ගායක- ගායිකා රැසක් විසින් ගායනා කර ඇත .
(ඇන්ටන් ජේ. ප්‍රනාන්දු - 2021/07/17)