නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් කවුරුත් ආදරේ කරනකෙනෙක් තමයි සංජය වෙදාරච්චි. අපේ රටේ ටෙලි නිර්මාණ වල වගේම සිනමාවෙත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිය...
නව පරපුරේ රංගන ශිල්පීන් අතරින් කවුරුත් ආදරේ කරනකෙනෙක් තමයි සංජය වෙදාරච්චි.
අපේ රටේ ටෙලි නිර්මාණ වල වගේම සිනමාවෙත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදියට එක් වන සංජය හැකියා බොහොමයකින් පිරුන කෙනෙක්.
ඉතිං අපි හිතුවා සංජය එක්ක කතා කරන්න.
• අපිට මුලින්ම කියන්න සංජය වෙදාරච්චි කියන්නෙ කවුද ..? මොනවගේ කෙනෙක්ද?
සංජය වෙදාරච්චි කියන කෙනාව එහෙම නැත්තම් මම මාව හඳුන්වා දෙන්නේ කොහොමද ?... ඒක අවුලක් ඒ නිසා මම ඇසුරු කරන, දන්න හදුනන අය දෙන නිර්වචනයක් තමා සංජය වෙදආරච්චි කියන්නේ, ඒකට මම ගොඩාක් කැමති.
*ඔයා රංගනයෙන් දායකවුන,ඔයත් කැමති,ප්‍රේක්ෂකයොත් ආදරය කරන චරිත මොනවද?
වැඩියෙන්ම කතා බහට ලක් වුණේ සක්කාරං ටෙලි නාට්‍යයේ සුද්දා ගේ චරිතය, කිරිළි ටෙලි නාට්‍යයේ කෙවින් ගේ චරිතයත්, පුළිගු ටෙලි නාට්‍යයේ අංජන ගේ චරිතයක්, දේදුනු ආකාසේ චිත්‍රපටියේ රඟපා දුෂ්ට චරිතයත්, යසෝධරා චිත්‍රපටයේ සැරියුත් මහරහතන්වහන්සේ ගේ චරිතයත් බොහෝදෙනා අතර කතාබහට ලක්වුණ චරිත වුනා.
*සංජයගේ මේ ගමන පටන් ගන්නේ කොහොමද?
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් සොයමින් සිටින කලයේ මගේ මාමාගේ මාර්ගයෙන් රුපවාහිනි වැඩසටහනකට සම්බන්ධව වැඩ කටයුතු කරන්න ලැබුණා.
එම වැඩ සටහන අධ්‍යක්ෂනය කලේ ප්‍රියන්ත කොළඹගේ අයියා. එතනින් ඇතිවුණ දැන හදුනා ගැනිමත් සමග ප්‍රියන්ත කොළඹගේ අයියා නිර්මාණය කරපු ටෙලි නාට්‍යය , චිත්‍රපට , වෙළෙඳ දැන්විම් කිපයකටම මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහිදි මම තිරණය කරණවා කලා ක්ෂේත්‍රයෙන් ම ඉදිරියට යා යුතුයි කියලා, ඉන් පසු මම මහේන්ද්‍ර පෙරේරා රංගන පාසලට සම්බන්ධ වෙනවා, එතනින් තමයි මගේ කලා ජීවිතයේ නිසියාකාරව ආරම්භ වෙන්නේ.
• සංජය, රංගනය විතරක් නෙමේ ගායනය, ගී පද රචනය කරනවා කියලා ආරංචි.
ඔව් මම පද රචකයෙක් හැබැයි ගායකයෙක් නම් නෙමේ, මොකද මට ගීත ගායනා කරන්න බෑ, ගීත ගායනා කරන අයගේ හොද රසිකයෙක්.
• ගායනයට ,රංගනයට පස්සේ මොනවද වෙන බාලාපොරොත්තු.
රංගනයටයි පද රචනයටයි, අමතරව ඉදිරි බලාපොරොත්තු හිතන්න ගැන නම් ඕනි ප්‍රශ්නයක් ...
මොකද වත්මන් ලෝකයේ හා ශ්‍රී ලාංකාවේ මතුවෙලා තියෙන අර්බුද හා ගැටලු ගැන බැලුවම බලාපොරොත්තු කියන්නේ පුස් වෙඩිල්ලක් වගේ කියලා මට දැනෙනවා.
එක නිසා දැන්නම් මගේ හිතේ මින් ඉදිරියට බලාපොරොත්තු කිය්නදේ නෑ, නමුත් කොයි මොහොතේ මැරුණත් හිතේ සතුට , නිදහස, සැනසිම කියන එක තියෙන්න ඕනි, එක නිසා බලාපොරොත්තු කියන දේ හිතේ පැල පදියම් කරගන්නේ නැතුව එන විදිහට ජීවිතේ ජය ගන්නවා
• හැඩකාර සංජය දැන් පෙම්වතෙක්ද?
ම්ම්ම් පෙම්වතෙක් ද ? ඔව් කියන්න පුලුවන් නැත් කියන්න පුලුවන් .
අපිට ගැලපෙන ආදරයක් නොලැබීමයි ප්‍රශ්නේ තමයි තියෙන්නේ
*ආදරේ දැනෙන්නේ කොහොමද ?
එකටනම් මම කෙටියෙන් ලොකු උත්තරයක් දෙන්නම්, ජීවිතය ගැන අපිට නොදැනෙන ගොඩක් දෙවල් ආදරයෙන් දැනෙනවා. හැබයි ආදරයක් නැතිවුනොත් ඒ දැනෙන ගොඩක් දෙවල් ජීවිතයෙන් නැතුව යනවා
• හැමෝම ගොඩාක් හිතන,කේන්දරේ ගැන සංජය මොකද හිතන්නේ?
කෙන්දරේ ගැන හිතන්න නම් දෙයක් නැ. හැබැයි වැඩක් නැති වුණාම නම් කෙන්දරේ බලවලා හිත හිත ඉන්න දෙයක්නම් තියෙනවා. කෙන්දරේට කියපුවා කෙන්දර ගැන මගේ ලොකු විස්වාසයක් නෑ, මොකද මෙතෙක් කල් කියපුවා ගොඩක් දෙවල් බොරු නිසා.
• සංජය වෙදාරච්චි චණ්ඩියෙක්ද?
නෑ මම චන්ඩියෙක් නෙමේ
මම හිත හයිය තනි තිරණ ගන්න කෙනෙක්.
• මොනවද ඉතිං මේ දවස්වල වෙන්නෙ.
මේ දවස්වල අලුත් ටෙලි නාට්‍ය දෙකක වැඩ කරනවා
ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන්න හදවිල අරණ හා
සංජුල දිවාරත්න අධ්‍යක්ෂණය කරන්න සිත් ටෙලි නාට්‍යය
• රසට කෑම උයන්න පුළුවන් කියලා ආරංචිවුනා..
හොදම නෑ නරකකුත් නැ මට නම් ෂේප් එකේ බඩගින්නට කන්න පුළුවන්
*මොනවාද ඉතිං ඉස්සරහට කරන්න සැලසුම් කරන් ඉන්නේ.
මගේ මව් පිය ගීත දෙකක් ලබන සතියේ Release කරනවා