අලුත් නිවසකට එන පොඩ්ඩේ, සිරියා සුමනේ හා පුෂ්පා සමඟ නෝනාහාමිද පැමිණි පළවෙනි දවසෙම නෝක්කාඩුව ගෙදරින් පිටව යයි. පොඩ්ඩේ දේවාලයක් සදා භූතයා ...
අලුත් නිවසකට එන පොඩ්ඩේ, සිරියා සුමනේ හා පුෂ්පා සමඟ නෝනාහාමිද පැමිණි පළවෙනි දවසෙම නෝක්කාඩුව ගෙදරින් පිටව යයි. පොඩ්ඩේ දේවාලයක් සදා භූතයා ඔවුන් සොයා එන තෙක් බලා සිටියි. සුමනේ විස්වාස කරන්නේ භූතයා කිසි දිනක නොඑන බවයි. එහෙත් දින දෙක තුනකින් භූතයා පැමිණෙයි. ඔහුට බලයක් නැත. කෙසේ හෝ භූතයාව තමන්ගේ අණට හසු කරගන්නා පෙඩ්ඩේ හා සුමනේ භූතයාට බලපෑම් කරගෙන් නැවත දේවාලේ කටයුතු ආරම්භ කරයි.
ප්‍රේක්ෂක ඔබ හිනා සාගරයේ ගිල් වූ ' සකල ගුරු 2' මැයි 5 වෙනි දා සිට රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනීයෙන් නැරඹිය හැකියි. ටිකිරි රත්නායක අධ්‍යක්ෂණයෙන් හා සිද්දාර්ත් අබේවර්ධන නිපැයුමක් වන ' සකල ගුරු' වෙනුවෙන් රංගන දායකත්වය දැක්වූ ශිල්පීන් හා කාර්මික ශිල්පීන් සකල ගුරු 2' ටද සිය දායකත්වය සපයයි.