සල්මාන් ඛාන් රඟපෑ රාධේ (RADHE - Your Most Wanted Bhai) යනු ජනතාව අතර බොහෝ දෙනා බලා සිටි චිත්‍රපටයකි. මෙම චිත්‍රපයේ පූර්ව ප්‍රචාරක පටයට සහ...
සල්මාන් ඛාන් රඟපෑ රාධේ (RADHE - Your Most Wanted Bhai) යනු ජනතාව අතර බොහෝ දෙනා බලා සිටි චිත්‍රපටයකි. මෙම චිත්‍රපයේ පූර්ව ප්‍රචාරක පටයට සහ එම ගීතවලට රසිකයන් ඉමහත් ආදරයක් දක්වයි. මෙම චිත්‍රපටයේ රංගන ශිල්පී ගෞතම් ගුලති (Gautam Gulati) ද රංගනයෙන් දායක වන අතර මෑතදී චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනේ රළු පෙනුමක් ඇති චරිතයක් ලෙස පෙනි සිටියා. සල්මාන් ඔහුගේ පෙනුමට වෙනස්කිරිමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ ආකාරය ගෞතම් හෙළි කළේය.
මේ පිළිබඳව කතා කරමින් ගෞතම් හෙළි කළේ සල්මාන් තම භූමිකාව සඳහා හිස මුඩු කිරීමට යෝජනා කළ බවයි. ගෞතම් තවදුරටත් කියා සිටියේ ඔහුගේ චරිතය චිත්‍රපටයේ දැඩි මනෝභාවයන් නිරුපණයට ඇති බවත් ඒ සඳහා කිහිප වතාවක්ම උත්සාහ කිරීමෙන් පසුව සල්මාන් යෝජනා කළේ රැවුල කපන ලෙසයි. ගෞතම් කියා සිටියේ තමා එය කිරීමට පෙර එක් වරක්වත් නොසිතූ බවත් වෙනස් දෙයක් අත්හදා බැලීමට නළුවෙකු සූදානම් විය යුතු බවත්ය.