$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

එන්න වගේම ඉන්නත් වාසනාව තියෙන්න ඕනෑ - නදීෂා අලහප්පෙරුම

බස්නාහිර පළාතේ කළුතර ප්‍රදේශයෙන් කලා ලොවට ඇයගේ ආගමනය සිදුවන්නේය ඒ පාසල් කාලයේ සිටය. එකල ඇගේ අරමුණ වූයේ පුරාවිද්‍යාවරියක් වීමයි. දෛවය කළ සරදම...


බස්නාහිර පළාතේ කළුතර ප්‍රදේශයෙන් කලා ලොවට ඇයගේ ආගමනය සිදුවන්නේය ඒ පාසල් කාලයේ සිටය. එකල ඇගේ අරමුණ වූයේ පුරාවිද්‍යාවරියක් වීමයි. දෛවය කළ සරදමකින් ඇය කලාකාරිනියක් බවටය. සිරස රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලාවේ සිය ගමන් මඟ ඇරඹි ඇයට සිරසින්ම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යවලට ද රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබෙන්නේ ඉහළ ජනපි‍්‍රයත්වයක් ද හිමිකර ගනිමිනි. එමෙන්ම ඇගේ සැමියා ද රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ අයෙකි. මේ වනවිට සතියේ දිනවල රාත්‍රි 6.25ට දෙරණ රූපවාහිනි සේවයෙන් විකාශය වන "සිඳු" ටෙලි නාට්‍යයේ හිමාලි ලෙසින් අප හමුවට එන ඇය ප්‍රවීණ ජනපි‍්‍රය රංගන ශිල්පිනි නදීෂා අලහප්පෙරුමයි.


 ඔබේ ළමා කාලය ගැන මතක් කළොත්? 


ඇත්තටම ඒ කාලය නම් හරිම සුන්දරයි. කළුතර මගේ ගමේ අනිත් ළමයි වගේම මමත් ඒ ගොල්ලන් එක්ක එකතු වෙලා ඉතා සතුටින් ළමා කාලය ගෙවා දැම්මා. ඒ ගැන කියනවා නම් විස්තර ගොඩයි.


පවුලේ විස්තර මොනවද?


අම්මයි,මමයි.තාත්තා නෑ.අම්මගේ නම ශී‍්‍රමති හිදැල්ල ආරච්චි. අම්මා දැනටමත් මං ගාව තමා ඉන්නේ.


ඔබ පාසල් ගියේ? 


කළුතර බාලිකා මහා විද්‍යාලයට. පාසලේදි ඉතිහාසය විෂයට තමා වැඩි කැමැත්තක් තිබුණේ. නැ‍ටුම් හා සංගීතයත් හැදෑරුවා.


අධ්‍යාපනයේදි ඔබට අරමුණක් තිබුණද?


ඔව්. පුරාවිද්‍යාවරියක් වීමේ උවමනාවක් තිබුණා. පාසලේදි ඉතිහාසය විෂයට වැඩි කැමැත්තක් තිබුණෙත් ඒකයි.


නමුත් ඔබ උසස් පෙළින් පස්සේ කලාවට එක්වෙනවා නේද?


මට උසස් පෙළ කරන අතරෙ සිරස ඊ.ඍ. ආයතනයේ නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා.


ඊට පස්සේ ඔබ? 


මම දිගටම සිරස ඊ.ඍ. ආයතනයේ වැඩ කරන අතරතුර සිරසෙන්ම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයන් කිහිපයකටම රංඟනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ මම ස්වාධින රූපවාහිනියෙත් නිවේදිකාවක් ලෙසත් වැඩසටහන් කළා. පසුව දිගටම රංඟන ශිල්පිණියක් බවට පත්වුණා.


ඔබ විවාහකයි නේද කොහොමද පවුල් ජිවිතේ? 


විවාහවෙලා දැන් අවුරුදු 20ක් පමණ වෙනවා. විවාහ ජිවිතේ හොඳින් සතුටින් ගෙවෙනවා. අවුරුදු හයක (06) දුවෙක් හා අවුරුදු අටක (08) පුතෙක් අපිට ඉන්නවා. මහත්තයා රූපවාහිනි මාධ්‍යයට සම්බන්ධ ‍රැකියාවක් කරන්නේ. මගේ අම්මත් දැන් අපිත් එක්ක ඉන්නවා. අම්මා මුල් කාලෙත් මාත් එක්කම රූගත කිරිම් කරන්න තියෙන තැන්වලට ආවා ගියා. මාත් එක්කම වගේ මගේ පිටිපස්සෙන්ම හිටියා.


මහත්තයා මාධ්‍යයට සම්බන්ධයි කිව්වානේ ඔහු ගැනත් විස්තර කියමු?


අමිල නුවන් වාදසිංහ. දැන් ඔහු ස්වර්ණවාහිනියේ කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවා. මේ දවස්වල ලංකාවේ විවිධ වෘත්තිකයන් ගෙන්වා කරන සෑම අඟහරුවාදාවකම රාත්‍රි 10.10ට ස්වර්ණවාහිනියෙන් විකාශය වන "මාත්‍රා" කියන ජනපි‍්‍රය වැඩසටහනේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය සිදු කරන්නේ එයා තමයි.


කොහොමද දෙන්නා එකතු වුණේ? 


මම සිරස ඊ.ඍ. එකේ නිවේදිකාවක් ලෙස වැඩ කරනකොට ඔහුත් ඒකෙම තමා වැඩ කළේ. පස්සේ අපි දෙන්නා කතාබහ කරලා දෙන්නට දෙන්නා හොඳින් දැන හදුනාගෙන අවුරුදු 4 - 5ක්ම පෙම්වතුන් ලෙස ඉදලා තමා විවාහ වුණේ.


ඉතින් ගෙවල්වලින් ඒකට කැමති වුණාද?


ඔව්. එයාගේ පැත්තෙන් දෙමව්පියන්ටත් මේ ගැන විස්තර කියලා මගේ අම්මත් කතා බහ කරලා තමා අපි දෙන්න ගෙ විවාහය සිද්ධ වුණේ. විරුද්ධත්වයක් තිබුණේ නෑ. අද අපි දෙන්නා දරුවොත් හදාගෙන පවුල් ජිවිතේ හොදින් සතුටින් ගෙවා දමනවා.


දිගටම රඟපානවට මහත්තයා කැමතිද?


එහෙම ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නට දෙන්නා කරන ජොබ් එක හොදින් තේරුම් අරගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. එයාගේ ක්ෂේත්‍රයේ මං දන්න අයත් ඉන්නවා. මගේ ක්ෂේත්‍රයේ එයා දන්න අයත් ඉන්නවා. කලාව වෘත්තිය බවට පමණක් පත්කරගෙන තමා වැඩ කරන්නේ.රංඟනය කියන කාර්ය කාන්තාවකට නරක දෙයක් නොවෙයි.අනික තමයි කලාවට එන්න හැකියාව දක්ෂතාවය තිබුණත් ඒකේ ‍රැඳීලා ඉදිමින් කටයුතු කරන්න වාසනාවකුත් තියෙන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ.


ඔබ දායක වූ නිර්මාණ ගැනත් මතක් කරමු?


පසුගිය දවස්වල නම් මම රඟපෑ ටෙලි නිර්මාණ කිහිපයක්ම රූපවාහිනි නාළිකාවලින් විකාශය වුණා. ජිවිතේ ලස්සනයි, රුවන් මාළිගා,‍ තෝඩු ආදි දීර්ඝ ටෙලි නිරමාණද ඇතුළුව නාට්‍ය 25 - 30කට විතර වගේ මම රංඟනයෙන් දායක වුණා.


මේ දවස්වල ඔබව පේ‍්‍රක්ෂකයින් හමුවන්නේ?


සතියේ දින පහේම රාත්‍රි 6.25ට දෙරණ “සිඳු” ටෙලි නාට්‍යයෙන් තමා. ඇත්තට මම ඒ නාට්‍යයේ දරුවන් නැති අම්මා කෙනෙක්ගේ චරිතයක් තමා රඟපාන්නේ. සුමිත්‍රාගේ දරුවා තමා දරුවෙක් නැති මට තිබෙන එකම සැනසීම. මේ අවස්ථාවේ දි එම නාට්‍යයේ ජානක සිරිවර්ධන, තිලිණ බොරලැස්ස යන මහතුන් ඇතුළු පිරිසත් මතක් කරන්න ඕනේ.


ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?


මට ලැබුණු ටෙලි නාට්‍යය කිහිපයකින්ම දැනට 2 - 3 ක් ‍තෝරාගෙන තියෙනවා.අලුතින් රඟපාන්න. මගේ හැකියාව දක්ෂතාවයන් එක්ක වාසනාවට රංගන ක්ෂේත්‍රයේ ‍රැඳී ඉදිමින් වැඩකටයුතු කරන්න මට ලැබිලා තියෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඒ කාර්යයේ ඉදිරියටත් දිගටම නිරතවෙන්න තමා බලාපොරොත්තු වෙන්නේ.


අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?


මාව රංඟන ශිල්පිනියක් බවට පත් කරපු රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, සුසිල නිෂ්පාදන ආයතනයටත්, සුදත් දේවපි‍්‍රය, බැසිල් හෙට්ටිආරච්චි යන මහතුන්ටත් මගේ අම්මා හා සැමියා ඇතුළුව නම් වශයෙන් සඳහන් කළ නොහැකි වූ සියලු දෙනාටමත් ප්‍රේක්ෂක ජනතාවටත් මේ අවස්ථාවේදි ස්තූතිවන්ත වෙනවා.


 - සරසවිය

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: එන්න වගේම ඉන්නත් වාසනාව තියෙන්න ඕනෑ - නදීෂා අලහප්පෙරුම
එන්න වගේම ඉන්නත් වාසනාව තියෙන්න ඕනෑ - නදීෂා අලහප්පෙරුම
https://1.bp.blogspot.com/-MlmyQ-c-Ang/YJn25WQ-49I/AAAAAAAADPU/yR6kHV8_LJcsWCFis05Mi-ZFYb0kO0ZKwCLcBGAsYHQ/s16000/67171036_441755959998411_7201619106859057152_n.jpg
https://1.bp.blogspot.com/-MlmyQ-c-Ang/YJn25WQ-49I/AAAAAAAADPU/yR6kHV8_LJcsWCFis05Mi-ZFYb0kO0ZKwCLcBGAsYHQ/s72-c/67171036_441755959998411_7201619106859057152_n.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2021/05/nadeesha-alahapperuma.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2021/05/nadeesha-alahapperuma.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content