මංජුලා සජීවනී කියන්නේ අපේ රටේ ඉන්න දක්ශ කලාකාරිණියක්. රංගන ශිල්පිනියක් ලෙස තම ගමන ආරම්භකල මංජුලා අද වෙද්දී ගොඩක් ප්‍රසිද්ධ ගායිකාවක් විදියට....
මංජුලා සජීවනී කියන්නේ අපේ රටේ ඉන්න දක්ශ කලාකාරිණියක්.
රංගන ශිල්පිනියක් ලෙස තම ගමන ආරම්භකල මංජුලා අද වෙද්දී ගොඩක් ප්‍රසිද්ධ ගායිකාවක් විදියට.
ටෙලිනාට්‍ය,චිත්‍රපට වගේම වේදිකා නාට්‍ය කියන ක්ශේත්‍ර සියල්ලම පහසුවෙන් ජයගත් මංජුලා ටෙනිසන් කුරේ මහතාගේ වේදිකා නාට්‍ය හරහා ප්‍රෙක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුනා.
ගොඩක් කාර්‍ය බහුල කලාකාරිණියක් වුන මංජුලා මේ දවස්වලනම් බොහොම නිදහසේ ඉන්නේ.
ඒ කොරෝනා වයිරසය නිසා.
මංජුලා එක්ක අපි පුංචි කතා බහක යෙදුනා.
ආගිය තොරතුරු විස්තර කතා කරද්දී මංජුලා විශේෂ කාරණාවක් කිව්වා.
ඒ තමා මංජුලාගේ ජීවිතේ බිදවැටීම් වුන හැම අවස්තාවකම ඒවට හේතු වුනේ කාන්තාවන් කියන කාරණය.
මංජුලා කියන විදියට එයාගේම ක්ශේත්‍රයේ ඉන්න, එයා ගොඩාක් විස්වාසයෙන්, සමීපව ඇසුරු කරල කාන්තාවන් නිසා ගොඩාක් මේ වගේ ගැටලු ඇතිවෙලා තියෙනවා.
විශේෂයෙන්ම මේ නිසා ජිවීතේ ගැටලු රැසකට මුහුනදුන බවත් ඇය සදහන් කලා.
විවාහ ජිවිතය සහ ආදරය ගැන මංජුලා කිව්වෙ මෙහෙම දෙයක්.
" විවාහ වුනහම ගැහැනියකගේ එකම අරමුණ සාර්ථක පවුල් ජීවිතයක්...
ඒක සාර්ථකව කරගන්න ගැහැනියක් විශාල කැපකිරීම් කරනවා..
ඒ වගේම මම නම් පිරිමියෙක් ගෙන් ගොඩාක් බලාපොරොත්තු වෙන්නෙ ආදරය ..
ඒ වගේම මම ආස මට ඕන හැම දේම ගෙනත්දෙන කෙනෙක්ට..
මම ආස නෑ Job කරන්න..
මම කැමති ගෙදරටවෙලා මගේ කලානිර්මාණ එක්ක ඉන්න ගමන් පවුල වෙනුවෙන් වැඩි කාලයක් යොමුකරන්න..."
ඒ වගේම සාර්ථක පවුල් ජීවිතයකට සල්ලි ඕනමද කියලා අහපු අපිට එයා මෙහෙම කිව්වා.
" ආදරය පවතින්න නම්, කවුරු කොහොම කිව්වත් සල්ලි ඕනමයි "
"ආදරය කරන කාලෙ කියන සුරංගනා කතා ප්‍රායෝගිකව කරන්න බෑ.. ඒනිසා රටේ තියෙන වාතාවරණය එක්ක සල්ලි ඕනමයි.."
කටකාර ,හැඩකාර ,නිහතමානී මංජුලාට අපි සමුදුන්නේ ඇයට පරෙස්සමට ඉන්න කියන පනිවිඩයක් එක්ක.
මංජුලාගේ ලස්සන photo ටික්ක මෙන්න..