සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වන නිළියක වන කන්ගනා රනාවුත් සිය 34 වන උපන්දිනය පසුගියදා සමරනු ලැබීය. එම උපන්දිනය ඇයට විශේෂ වූයේ සිය සිනමා දිවියේ...
සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වන නිළියක වන කන්ගනා රනාවුත් සිය 34 වන උපන්දිනය පසුගියදා සමරනු ලැබීය. එම උපන්දිනය ඇයට විශේෂ වූයේ සිය සිනමා දිවියේ සිව්වන ජාතික සම්මානය අතැතිව එය සැමරීමට ලැබීමයි. මෙවර උපන්දිනය ඇයට සිය මව සමඟින් සැමරීමට නොහැකි වූවද ඇගේ නිවසේ ඒ වෙනුවෙන් පැවති පූජාවක ඡායාරූපයක් සමඟින් සටහන් කර සිටියේ "මට ගෙදර නැතුව දුකයි, උපන්දිනය වෙනුවෙන් අම්මාගේ පූජා අපේ යහපැවැත්ම වෙනුවෙනි" එහි සඳහන් විය.
67 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ඇයට පිරිනැමුණේ 'මනිකර්නිකා: ද ක්වීන් ඔෆ් ජාන්සි' සහ 'පන්ගා' චිත්‍රපටවල රංගනයන් වෙනුවෙනි. තවද ඇයගේ රංගන දිවියේ සුවිශේෂ රංගනයක් ගෙන එන 'තලෙයිව්' චිත්‍රපටයේ පූර්වප්‍රචාරක පටයද එළිදැක්වීමට සූදානම්ව සිටී. එය ගෙන එන්නේ අභාවප්‍රාප්ත, තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානයයි. ඉදිරියේදී ඇය 'ඩකාඩ්', 'තේජාස්' සහ 'මනිකර්නිකා රිටර්න්ස්' චිත්‍රපට ඔස්සේද දැකගත හැකි අතර හිටපු අගමැති ඉන්දිරා ගාන්ධිගේ චරිතය ද රඟපෑමට නියමිත බව ඇය මෑතකදී නිවේදනය කළාය.