කථිකාචාර්යවරයෙක් වෙන්න හීන දකින Little Star සතිම... - Star Gossip

Hot Gossip

Post Top Ad

කථිකාචාර්යවරයෙක් වෙන්න හීන දකින Little Star සතිම...


දක්ශතාවය සහ හැකියාව කියන්නේ අපිට උපතින්ම හිමිවෙන දෙයක්.

මේදේට අභියෝග කරන්න කාටවත්ම බෑ.

ඒ වගේම කාටවත් අපේ හැකියාව හෝ දක්ශතාවය විනාශ කරන්න බෑ.

අද අපේ කතා බහ ඒ වගේ උපන් හැකියාවන් පිරුණු පුංචි  දක්ශයෙක් එක්ක.


මෙයා සතිම පැහැසර 

මේ රූපෙ දැක්කහම නම් සතිමව හොදටම මතක් වේවි.

2014 අවුරුද්දේ  ටී වී දෙරණ ඔස්සේ විකාශය වූ Little Star වැඩසටහනේ දක්ශ ගායන හැකියාවක් සපිරි පුංචි පුතෙක් විදියට රටම සතිමව අදුන ගත්තා.


ඒ වෙද්දී වයස අවුරුදු 03ක් වුන සතිම ගේ උපන් හපන්කම් වලට මුලු රටම ආදරේ කළා.


ඉතිං මේ පුංචි දක්ශයා දැන් ටිකක් ලොකුයි.


Star Gossip අපි සතිම සහ ගෙදර අය එක්ක පොඩි කතාබහකට එකතු වුනා.


මේ වෙද්දී සතිම  ඉන්නේ 6 වසරේ 

මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලය තමා සතිමගේ ඉස්කෝලෙ .


සතිම මේවෙද්දි තමන්ගෙම කියලා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා.


"ලෝක සිතියම" කියලා නම් කරපු මේ ගීතය කදුරට Fm නාලිකාවේ සහයෝගයෙන් නිර්මාණය කරලා තියෙන්නෙ.


මේ ගිතය කමල් අලහකෝන්ගේ පදරචනයට නලින්ද රණසිංහ ගේ සංගීතයෙන් නිර්මාණය වූවක්.


ගීත ගායනය කරනවා වගේම ඉගෙන ගන්නත් සතිම ගොඩාක් දක්ශයෙක් 


05 වසර ශිෂයත්ව විභාගයත්  සතිම ඉහලින්ම සමත්වුනා.


කවදහරි කථිකාචාර්යවරයකු වෙන්න තමා සතිමගේ බලාපොරොත්තුව.


ඒ බලාපොරොත්තුව වෙනුවෙන්  සතිම වෙහෙස වෙනවා වගේම සතිමගේ අම්මයි තාත්තයි ඒ සදහා ලොකු සහයක් දෙනවා.


සතිමගේ තාත්තා සුපුන් සමීර,ඔහු  බන්ධනාගාර සැරයන්වරයෙක් විදියට කටයුතු කරනවා.


ඉතිං මේ කොරෝනා වසංගත නිසා සතිමටත් අපේ රටේ අනිත් කාලාකරුවන්ට වගේම ප්‍රසංග වේදීකාව මග හැරිලා තියෙනවා.

ඒ ගැන නම් සතිම ඉන්නේ ටිකක් විතර කනගාටුවෙන්.

මොකද සතිම ගීත ගායනයට ගොඩාක් කැමති නිසා.


පුංචි සතිමට සුබ අනාගතයකට සුපැතුම් එක්කරමින් අපි කතා බහ හමාර කලා.


සතිමගේ ගැන මතකය ඔබට දැන් බලාගන්න පුළුවන් 









No comments:

Post a Comment

Post Top Ad