අපේ රටේ ඉන්න දක්ශ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ගිවන්ත අර්ථසාද් කියන්නේ. වයස් බේදයක් නැතිව මේ තරුණ රංගන ශිල්පියට කවුරුත් ආදරෙයි ගිවන්...
අපේ රටේ ඉන්න දක්ශ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ගිවන්ත අර්ථසාද් කියන්නේ.
වයස් බේදයක් නැතිව මේ තරුණ රංගන ශිල්පියට කවුරුත් ආදරෙයි
ගිවන්ත මේ දවස් වල ඉන්නෙ අපේ රටේ මාධ්‍ය ආයතනය ගැන වගේම ටෙලිනාට්‍ය ක්ශේත්‍රය ගැන කේන්තියෙන්.
අපිට කිව්ව විදියට එයාට ලොකු අසාධාරණයක් වෙලා.
කතාවා ඇහුවට පස්සේ අපිටත් හිතුනා එයාගේ කේන්ති කොච්චර සදාරනද කියලා
ගිවන්ත අලුත් දේවල් කරන්න ආස කෙනෙක්.
මේ නිසාම එයා ටෙලිනාට්‍යක් නිර්මාණය කරලා තියෙනවා.
මේ වැඩේට දක්ශ රංගන ශිල්පීන් ශිල්පිනියක් වගේම තාක්ෂණික කණ්ඩායමත් හොදම අය තෝරගෙන.
කොහොම හරි ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු අවසන් වෙලා මේක විකාශය කරන්න තැනක් හොය හොය ඉද්දී ,අපේ රටේ එක පුද්ගලික රූපවාහිනී නාලිකාවක ඉන්න අධ්‍යක්ෂවරයෙක් මේ වැඩේ බාරගෙන.
ටික දවසක් යද්දී මේ නාලිකාවෙ හිටිය අර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන කළමනාකාරීත්වය කල පිරිසක් වෙනත් පුද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රධාන තනතුරු වලට ගිහින් තියෙනවා.
ඒත එක්කම ගිවන්තට තේරිලා තියෙනවා වැඩේ හරි නොයනවග.
මොකද ඒ නාලිකාවට අලුත් පත්වුන කළමනාකාරීත්වය ගිවන්තගේ නාට්‍ය ඉවත්කරා කියන ආරංචිය එක්ක.
මේ අතරේ නාට්‍ය විකාශය කරන්න හොද මට්ටමක නෑ කියලා ගිවන්ත ගේ නාට්‍යය අර කමිටුවෙන් අයින් කරලා.
ඒ වගේම මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා වෙනත් නාලිකාවක වැඩසටහනක් නිරූපනය කරන එකත් නාට්‍ය ඉවත් කරන්න හේතුවක්ලු.
දැන් ගිවන්තගේ ටෙලිනාට්‍ය විකාශය එහෙම පිටින්ම නැවතිල.
ගිවන්ත ඉන්නේ මේ ගැන ගොඩාක් කනගාටුවෙන් වගේම කේන්තියෙන්.
එයා කියනේ අපේ රටේ රූපවාහිනී නාලිකා හැමදේම මුදලට විනාශ කරනවා කියලා.
ඒ විතරක් නෙමේ හැමදේටම දේශපාලන ගෑවිලා කියාලා.
කොහොම වුනත් ලගදීම යූටිබ් ඔස්සේ අලුත් වැඩක් එක්ක ප්‍රේක්ෂකයන් මුනගැහෙන්න ගිවන්ත බලාපොරොත්තු වෙනවා.
සටහන - සදලි අල්විස්