ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී සහ විරිඳු ගායන ශිල්පිනියක් ලෙස දශක දෙකකට අධික කාලයක් ද ලංකාවේ රජයේ ගුරු පත්වීම ලද...
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී සහ විරිඳු ගායන ශිල්පිනියක් ලෙස දශක දෙකකට අධික කාලයක් ද ලංකාවේ රජයේ ගුරු පත්වීම ලද ප්‍රථම නර්තන ආචාර්යවරිය ලෙස දශක පහකට ආසන්න කාලයක් ද නර්තනයට ගායනයට සේවය කළ දයා නෙල්ලම්පිටිය හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබමිනි සිටියි.
ඇය හදිසියේ වැටී උකුල් ඇටයේ අස්ථි බිදීමක් වී රෝහල් ගතව කලක් ප්‍රතිකාර ලැබුවා. ශල්‍යකර්මයකින් පසුව දැන් ඇගේ කළුබෝවිල පිහිටි නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඇයට සරසවිය අපි ඉක්මන් සුවද දීර්ඝායුෂද ප්‍රාර්ථනා කරනවා.