මහපොළවේ පිපෙන සුන්දර මලකට පුලුවන් මුළු ලෝකෙම සුවඳවත් කරන්න.ලස්සන කරන්න. අර්ථවත් කරන්න ඒ වගේ පුංචි මල් කැකුලක් ගැන තමයි අද කතා බහ. මේ පුංචි ද...
මහපොළවේ පිපෙන සුන්දර මලකට පුලුවන් මුළු ලෝකෙම සුවඳවත් කරන්න.ලස්සන කරන්න. අර්ථවත් කරන්න ඒ වගේ පුංචි මල් කැකුලක් ගැන තමයි අද කතා බහ. මේ පුංචි දෝනි ඔයාල හොදින්ම දන්න ආදරේ කරන කෙනෙක්. ආදරෙන් පිලිගන්නවා ළමා රංගන ශිල්පිනි පහන්දි මිතාරා වල්පිටගමගේ දුවව.
මේ දවස්වල පහන්දි හරි ජනප්‍රියයි නේද?
(සිනාසී) ඔව් නැන්දි මේ දවස්වල මට ගොඩක් අය ආදරේ කරනවා.ලොකු පොඩි හැමෝම මාව දැක්කම ගොඩක් ආදරෙන් කතා කරනවා. සමහරු මට බට්ටිච්චී කියලත් කතා කරනවා.
බට්ටිච්චී කියන්නෙ දාම් කතාවේ නේද?
ඔව් මම රගපෑව චරිත වලින් මම ආසම චරිතක් තමා බට්ටිච්චි .ඒ වගේම ධනුෂ්ක රත්නායක ඩිරෙක්ටර් මාමි තමා දාම් එකේ මගේ චරිතය මට හොදින් කියල දුන්නෙ .ගොඩක් ජනප්‍රිය දක්ෂ නැන්දලා ,මාමලා මෙහි රඟපානවා. මන් ගොඩක් ආසයි ඒ අය එක්ක රඟපාන්න.
ඔයාගේ විස්තර ටිකක්?
මගේ පවුලේ අම්මයි. තාත්තයි, අයියයි මායි. අම්මගෙ නම තමාලි රනෝජා
තාත්ති රසික චතුරංග. මට වයස අවුරුදු අටයි. මගේ ගම රත්නපුරේ. මම පාසල් යන්නෙ රත්නපුර JMC International college.
රගපාන්න ආසයිද?
ඔව්, ගොඩාක් ආසයි. මම ගොඩක් වෙළද දැන්වීම් කරලා තියනවා. ඒ වගේම නාට්‍යය. හැබැයි මම මෙගා නාට්‍යය කරන්නෙ නෑ. අම්මි යවන්නෙ නෑ. කොටස් 50-100අතර නාට්‍යය කරනවා.
ඔයා කරලා තියන නාට්‍යය ගැන කිව්වොත්?
අමාලියා, රාවනා, මහපොළව, සකර්ම, දාම්. දැන් කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයයේ මේ දවස්වල රූගත කිරීම් කරනවා.
ඒ නාට්‍යය ඔක්කොගෙම චරිත වලට මම ගොඩක් ආසයි. ඒ අතරින් මහපොළව නාට්‍යයේ අනෝහාමි කියන්නෙ වෙනස්ම චරිතයක්. ශාන්ති අම්මගෙ නවකතාවක් තමා සුමිත් රත්නායක මාමි නාට්‍යයක් බවට පත් කරේ.(ඇයගෙන් ශාන්ති අම්මා කවුරුන්දැයි ඇසු කල ඇය එසේ ආමන්ත්‍රනය කරන්නේ ඔබ අපි කවුරුත් හොඳින් හදුනන ශාන්ති දිසානායක ලේඛිකාවට බව පසක් විය.) තාමත් අනෝහාමිගේ චරිතයට මම ගොඩක් ආදරෙයි. සකර්ම නාට්‍යයත් මම ගොඩක් කැමති නාට්‍යයක්. මේ විදිහට වෙනස් වෙනස් චරිත කරන්නයි මම ආස කරන්නෙ.
චිත්‍රපටවලට සම්බන්ධ වෙලා තියනව ද?
ඔව් නැන්දි. හර්ෂ උඩකන්ද ඩිරෙක්ටර් මාමිගේ ගෝරි චිත්‍රපටයට සම්බන්ධ වුණා. තව සංජය නිර්මාල් ඩිරෙක්ටර් මාමිගේ Seeds (බීජ) චිත්‍රපටයට සම්බන්ධ වුනා, ඉදිරියට තව ආරාධනා ගොඩක් හම්බෙලා තියනවා.
ආ තව එකක් මතක් වුනා. My Farther is a dog කියලා තරිඳු ලොකුආරච්චි මාමා කෙටි චිත්‍රපටියක් කරා. ඒකට විශාල ඇගයීම් හම්බුනා. සම්මානයකුත් ලැබුනා. මගේ රංගනය ගැන හැමෝම ප්‍රශංසා කරා.
අනාගත බලාපොරොත්තුව ?
මම ආස ලස්සනට සාරි ඇදලා දිග කොණ්ඩයක් ගොතලා. කෙට්ටු ඉංග්‍රීසි teacher කෙනෙක් වෙන්න. ඇගේ අනාගත බලාපොරොත්තුව ඇය අපට කිව්වේ එහෙමයි. ඇය කිව් පරිදිම අකුරක් හෝ වෙනස් නොකොට එලෙසම ලියන්නේ අව්‍යාජව ඇයගේ අනාගත බලාපොරොත්තුව ඇයට ආදරය කරන රසික ඔබට කීමටය.
නැන්දි මම ස්තූතිකරනවා අසංක විජේසූරිය මාමිට. එයා තමා මාව මුලින්ම රංගනයට ගෙන ආවේ. එයා නිසයි අද මම ගොඩක් ආදරේ ලබන රංගන ශිල්පිනියක් වෙලා තියෙන්නේ. ඒ වගේම මගෙ අම්මා තමා මගෙ හොඳම යාලුවා. මම අම්මට ගොඩක් ආදරෙයි. හැමදාම මගේ ළඟ ඉදලා මාව බලාගන්නේ මට උදව් කරන්නෙ මගෙ අඩුපාඩු බලන්නෙ අම්මි. ඉතින් එයාටත් ස්තූති. ඒ වගේම මම රඟපාපු නාට්‍යය වල ඩිරෙක්ටර් මාමිලාටත්. මාත් සමඟ රඟපාපු නැන්දිලා මාමිලාටත් ස්තූති වෙනවා. හැමෝටම මම ගොඩක් ආදරෙයි.
මෙසේ පුංචි පහන්දි තරුව ගිරවියක් සේ අපත් සමඟ දොඩමළු වුනේ ඇගේ නිර්ව්‍යාජ හැගීම් සමුදාය අපිත් සමඟ බෙදාගනිමිනි.
ඇයට අපගේ උණුසුම් සුබ පැතුම්...
සාකච්ඡා කලේ -සඳූ ජයපත්ම.