ඉන්දියානු සිනමාවට කැමති ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට හොඳින් හුරු පුරුදු චිත්‍රපට දෙකක් තමයි GHILLI කියන දමිළ චිත්‍රපටයත්, OKKADU කියන තෙලිඟු...
ඉන්දියානු සිනමාවට කැමති ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ට හොඳින් හුරු පුරුදු චිත්‍රපට දෙකක් තමයි GHILLI කියන දමිළ චිත්‍රපටයත්, OKKADU කියන තෙලිඟු චිත්‍රපටයත්.
මේ චිත්‍රපට දෙකම රසවින්ද ලංකාවේ චිත්‍රපට රසිකයින්ට, ඒ කතා තේමාවම අපේ රටේ හුරුවට, සිංහල භාෂාවෙන්, අපේම කතාවක් විදිහට නරඹන්න අවස්ථාවක් ලැබෙනවා.
“කබඩි” චිත්‍රපටය හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණයක් , නිශාන්ත ජයවර්ධන විසින් නිෂ්පාදනය කොට තිබෙනවා.
සෙනාලි ෆොන්සේකා, අමිල කරුණානායක,දර්ශන් ධර්මරාජ්, ශ්‍රියන්ත මෙන්ඩිස්, අනුජ් රණසිංහ, විනු සිරිවර්ධන, නිල්මිණි කෝට්ටගොඩ, දමිතා අබේරත්න, පියුමි බොතේජු, කුමාරි මුණසිංහ, ආනන්ද වික්‍රමගේ ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබෙනවා.