විකී කෞෂාල් හැඳීන්වෙන්නේ මේ වන විට බොලිවුඩයේ සාර්ථක ගමනක නිරත වෙමින් සිටින නළුවකු ලෙසින්. ඔහුගේ රංගනයන් අතර 2019 වසරේ තිරගත කෙරුණු 'යූ...
විකී කෞෂාල් හැඳීන්වෙන්නේ මේ වන විට බොලිවුඩයේ සාර්ථක ගමනක නිරත වෙමින් සිටින නළුවකු ලෙසින්. ඔහුගේ රංගනයන් අතර 2019 වසරේ තිරගත කෙරුණු 'යූරි : ද සර්ජිකල් ස්ට්‍රයික්' චිත්‍රපටය විශේෂ අවධානයට ලක් වූවක්. 'සංජු', 'රාසි', 'මසාන්', වැනි ජනප්‍රිය චිත්‍රපට ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ තවත් චිත්‍රපට කිහිපයක්.
2012 වසරේදී සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් බොලිවුඩයට පිවිස රංගනයෙන් ජාතික සම්මානයකට සහ ෆිල්ම්ෆෙයාර් සම්මානයකට හිමිකම් කියන ඔහු පසුගිය දිනෙක පවසා සිටියේ සිය සාර්ථකත්වය සඳහා වූ වට්ටෝරුවයි. විකී විසින් දුනු ශිල්පයේ යෙදෙන අයුරු දැක්වෙන පින්තූරයක් සමඟින් සටහන් කර තිබුණේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම කාලයත් සමඟ වර්ධනය වන්නක් බවයි. 'භූත් පාර්ට් වන්: ද හොන්ටඩ් ෂිප්' නම් ත්‍රාසජනක චිත්‍රපටයේ අවසන් වරට දැක ගත හැකි වූ ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය වන්නේ 'සර්දාර් උදම් සිං' චිත්‍රපටයයි. 'ද ග්‍රේට් ඉන්දියන් ෆැමිලි' සහ 'තක්ට්' චිත්‍රපටවලටද ඔහු දායකවීමට නියමිතයි.