67 වැනි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උලෙළ පසුගියදා පැවති අතර එහිදී හොඳම හින්දි චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ අධ්‍යක්‍ෂ නිතේෂ් තිවාරිගේ ...
67 වැනි ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උලෙළ පසුගියදා පැවති අතර එහිදී හොඳම හින්දි චිත්‍රපටය ලෙසින් පිදුම් ලැබූයේ අධ්‍යක්‍ෂ නිතේෂ් තිවාරිගේ 'චිචෝර්' චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය විශ්වවිද්‍යාල මිතුරන් පිරිසක් පිළිබඳ කියන අතර ඛේදජනක සිදුවීමක් හේතුවෙන් ඔවුන් නැවත හමුවන අයුරු ගෙන එයි. සුෂාන්ත් සිං රාජ්පුත්, ශ්‍රද්ධා කපූර් සහ වරුන් ෂර්මා ඇතුළු පිරිසක් එහි ප්‍රධාන චරිත නිරූපණය කළහ. බොලිවුඩයට ආන්දෝලනාත්මක සිදුවීමක් වෙමින් සියදිවි නසා ගැනීමෙන් ලොවෙන් සමුගත් සුෂාන්ත්ගේ අවසන් චිත්‍රපටය වූයේද මෙයයි.
මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය මනෝජ් බජ්පායි ('බොන්ස්ලේ') සහ ධනුෂ් ('අසුරන්') වෙත සමව පිරිනැමුණු අතර 'සුපර් ඩිලුක්ස්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් දෙමළ සිනමාවේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය විජේ සේතුපති වෙත පිරිනැමුණි.