කොරෝනා වෛරසය පැතිර යාම තවමත් නතර වී නොමැත. එය ලොවපුරා දහස් ගණනින් ආසාදනය කරමින් බොහෝ කටයුතු අඩාල කරමින් සිටී. මාස ගණනක් සියලු රාජකාරි කටයුතු...
කොරෝනා වෛරසය පැතිර යාම තවමත් නතර වී නොමැත. එය ලොවපුරා දහස් ගණනින් ආසාදනය කරමින් බොහෝ කටයුතු අඩාල කරමින් සිටී. මාස ගණනක් සියලු රාජකාරි කටයුතු නවතා දමා මිනිසුන් තම නිවෙස්වලට වී සිටියේ එයින් ආරක්ෂා වීම පිණිසය. මේ වන විට බොහෝ දෙනා තම වැඩරාජකාරි ආරම්භ කරමින් සිටී. බොලිවුඩයද මාස ගණනක විවේකයකින් පසු නැවත ක්‍රියාත්මක වූයේ බොහොමයක් රූගත කිරීම් සඳහා විදෙස් රටවල් තෝරා ගනිමිනි.
නමුත් පසුගිය මාස කිහිපය තුළ බොලිවුඩයටද කොරෝනා බලපෑම එල්ල විය. අමිතාබ් බච්ච්න්, අභිෂේක් බච්චන්, ඓශ්වර්යා රායි, අර්ජුන් රාම්පාල්, සනී ඩියොල්, මනෝජ් බජ්පායි, රන්බීර් කපූර්, නිතු කපූර් වැනි තරුද කොරෝනා ආසාදනයට ලක් වූහ. අමීර් ඛාන්හටද කොරෝනා ආසාදනය වී ඇති බව බොලිවුඩ් පුවත් වාර්තා කර සිටී. ඔහු වෙනුවෙන් නියෝජිතයෙකු නිල ප්‍රකාශක් නිකුත් කරමින් කියා සිටියේ, අමීර් කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ බැවින් නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි. ඒ වෙනුවෙන් වූ උපදෙස් අනුගමනය කරමින් සිටින අතර මෑත කාලයේදී ඔහු සමඟ කටයුතු කළ සියලු දෙනා පූර්වාරක්ෂාවක් ලෙස පරීක්ෂා කර ගන්නා ලෙසත් එයින් දැනුම් දී ඇත.