කොහොම ද මේ දවස්වල වැඩකටයුතු එහෙම. · මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නවා. රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා ඊට අමතරව. ඔයාට කොහොම කතා කරන...
කොහොම ද මේ දවස්වල වැඩකටයුතු එහෙම.
· මේ ටිකේ ගෙදරට වෙලා ඉන්නවා. රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා ඊට අමතරව.
ඔයාට කොහොම කතා කරනවට ද වැඩිය කැමති.
මගේ නම මල්ෂි කෝකිලා ප්‍රනාන්දු. මල්ෂි කියනවට කැමැතියි.
මල්ෂි අධ්‍යාපනය ලැබූ පාසල් ගැන කිව්වොත්.
මම ඉගෙනුම ලැබුවේ හලාවත ,ආරච්චිකට්ටුවේ සද්ධානන්ද මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යපනය ලැබුවා.
කොහොමද මොස්තර නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසුනේ.
මුලින්ම මම ස්වාධීන රූපවාහිනි සේවයේ අවුරුදු කුමාරි තරඟයටඉදිරිපත් වෙලා ජයග්‍රහනය කලා.ඊට පස්සේ 2014 දී මම CSNනාලිකාවේ පැවැති අවුරුදු කුමාරී තරඟයට ඉදිරිපත් වෙලා ජයග්‍රහනය කරා.
ඊට පස්සේ තමයි මට හිතුනේ මෝස්තර නිරූපිකාවක් වෙන්න ඕන කියලා.
නිරූපන ක්ෂේත්‍රයට ඇත්තේ කොච්චර කාලයක් ද ?
දැන් අවුරුදු තුනක් වගේ.
පවුලේ ඔයා එක්ක වෙන කවුද ඉන්නේ.
තාත්තා,අම්මා,අයියා,අක්කා මේ අය තමයිකොහොම ද ඒ අයගෙන් ලැබෙන සහාය.
හොඳ සහයෝගයක් ලැබෙනවා. අම්මයි තාත්තයි අකමැත්තක් නැහැ මම ගොඩක් වෙලාවට වැඩවෙලට කොළඹ එන්න ඕනේ .ඉතින් ඒ හැම වෙලාවකම මගේ අම්ම ලඟ ඉන්නව.
නැහැ නිතරම මගේ අම්මා මම ලඟ ඉන්නවා ඒ නිසා මගේ ආරක්ෂාව ගැන මට බයක් නැහැ.
ටෙලි නාට්‍යකට චිත්‍රපටයකට ආරාධනා කලොත් ඔබ මොකද කියන්නේ .
මට ගැලපෙන චරිතයක් ලැබුනොත් සතුටින් භාර ගන්නවා.
අදින්න ආසම ඇඳුම මොකක් ද ?
ඩෙනිම් කලිසමයි T-Shirtඑක තමයි.
නිරූපිකාවක් උනාම ටිකක් කොටට අදින්නත් වෙන වෙලාවල් තියෙනවා නේද ?
ඔව් ඒත් මම කොට ඇදුම් අඳින්න කැමැති නැහැ.
දැන් පෙම්වතෙක් එහෙමත් ඇති නේද?
ම්--ම්--ම් ඒක පස්සේ කියන්නම්කෝ
.ඔයාට ලැබෙන කෙනා මොන වගේ වෙන්න ඕනේ ද ?
පළමුවෙන්ම මට ගොඩක් ආදරේ වෙන්න ඕන. මම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මම පිළිබඳ ඒ කෙනාට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.
මොනව ද අනාගත බලාපොරොත්තු.
නිරූපන ක්ෂේත්‍රෙය් ඉදිරියට යන්න ආශාවක් තියනවා ඒ වගේම පොඩියට සැලොන් එකක් පටන් ගන්නත් හිතේ ආශාවක් තියෙනව.