ධනුකි බණ්ඩාර ආයෙම අපිත් එක්ක කතාවට එක්වුණා ඒ අලුත්ම වැඩකට සූදානම් වෙන්න යන අතරතුර ධනුකිගේ අලුත්ම වැඩේ ගැන එයා මුලින්ම කිව්වේ STAR GOSSIP ...
ධනුකිගේ අලුත්ම වැඩේ ගැන එයා මුලින්ම කිව්වේ STAR GOSSIP අපිත් එක්ක.
මේකයි වැඩේ,
ලංකාවේ ඉන්න ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් දක්ෂ ප්‍රවීනයන්ගේ සහභාගීත්වයෙන් MODEL SCHOOL එකක් පටන් ගන්න යනවා.
ඹන්න ඉතිං නිරූපන ක්ෂේත්‍රයට කැමති ඕන කෙනෙකුට මේකට සම්බන්ධවෙන්න පුලුවන්.
ඒ අලුත් ම ආරංචියත් එක්ක අපි ධනුකිගෙන් ඇහුවා එයාගේ කලා කටයුතු ගැන
වෙනදා වගේ ම හිනා වෙලා කිව්වේ රූපවාහිනී නාලිකාවකින් ඇයට වැඩසටහන් ඉදිරිපත් කරන්න ආරාධනා කලා ඒකට කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා කියලා.

ඒ වගේම ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුම ආරාධනා කල බවත් ඔවුන් සමග වැඩකිරීමට ලැබීම වාසනාවක් බවත් ධනුකි අපට කිව්වා.

මේ අතර ක්ෂේත්‍රයට ලගදි බෝවුණ හොරු පිරිසක් ක්ෂේත්‍රයට එන නවකයක්ව ගිල ගන්න තත්වයක් උදාවෙලා ඇති බවත් මේ තත්වය ඒ තරම් සුභ නොවන බවත් ධනුකි අපට කිව්වා.

ඉදිරියේදී තමන් තමන්ටම දාගත් සීමාවලින් මිදි GLAMOUR SHOOT වලට සම්බන්ධ වෙනවා කියලත් කිව්වා.