අපි අපේ රටේ ටෙලි නිර්මාණ බොහොමයක් රස විඳ ඇත. එහෙත් ඒවායින් සදාකාලික මතකයක් ගොඩනැඟුවේ නිර්මාණ සුලු තරයකි. බොහෝ නිර්මාණ ආවෝ ගියෝය. .. මතකව...
අපි අපේ රටේ ටෙලි නිර්මාණ බොහොමයක් රස විඳ ඇත. එහෙත් ඒවායින් සදාකාලික මතකයක් ගොඩනැඟුවේ නිර්මාණ සුලු තරයකි.
බොහෝ නිර්මාණ ආවෝ ගියෝය...
මතකවත් නැත. ඉන් පසු අපේ ටෙලි නාට්‍ය කළාවට කන කොකා හඬන්නේ ඉන්දීය හඬ කැවූ නිර්මාණයන් අපේ රටේ උදවියට රස කර කැවීමට යාමෙනි
කවදත් අපේ රටේ උදවිය අනුනගේ කඳුලු තමන්ගේ කර ගැනීමට දක්ෂය, හපන්ය ඒ නිසාවෙන්දෝ එකී ඉන්දීය කඳුලට සහ සිනහවට රටම අවනතවීමට පටන් ගත්හ.
විවිධ තහංචි මේ වෙනුවෙන් ගෙනාවද ඉන් පලක් නොවීය. එහෙත් තවමත් ගුණාත්මක ටෙලි කතාවන් හි රසය අපේ උදවියගේ රස නහර තුල රැඳී ඇත. ඒ නිසාවෙන් ම එවැනි දේ සොයමින් ඉව අල්ලන පිරිසක්ද ඇත.
මේ සියලු ගැටලු වලට වඩාත් සාදාරණීය වූ විසඳුමක් ලැබෙන සුබ කාලයකට පෙර මං මේ දිනවල තැනෙනු ඇත.
ඒ ආදර දඩයම ටෙලි නිර්මාණය හරහාය.
මෙය ඔබේ අපේ රස නහර තුළ සැඟවී, මොටවී ගිය ටෙලි නිර්මාණ රසවිඳීමේ කලාව යළි උලුප්පනවා නො අනුමානය.
එහි රූ ගත කරන අවස්ථා කිහිපයක දසුන්...

