මේ දවස් වල කවුරුත් ආසාවෙන් අහන වසරක් වුණා song එක හරහා රටම හදුනගත්ත චාමි වික්‍රමසිංහ එක්ක අපි අද කතා කලා. මාතරදි චාමිව හදිසියේ මුණ ග...
මේ දවස් වල කවුරුත් ආසාවෙන් අහන වසරක් වුණා song එක හරහා රටම හදුනගත්ත
චාමි වික්‍රමසිංහ එක්ක අපි අද කතා කලා.
මාතරදි චාමිව හදිසියේ මුණ ගැහෙනකොට එයා හිටියේ photo shoot එකක් කරන ගමන්
ඒ අතරෙ අපිත් එක්ක කතා කර කර හිටිය චාමි හරි අපූරු කතා ටිකක් කිව්වා.
අපි චාමිගේ අලුත් song එක ගැන විස්තර ඇහුවා.
ගොඩාක් ආදරණීය සිංදුවක් නිසා චාමිත් ඒකට කැමතිවුණාලු
song එකේ Lyrics කරලා තියෙන්නේ චේතිය ලක්ෂාන් කියල තරුණ සංගීත ශිල්පියා.
පුංචි කාලෙ ඉදලම චාමි Music වලට ආසයිලු
එතන හිටිය චාමිගේ අම්මා අපේ කතාව අහන් ඉදලා කිව්වේ
චාමි පොඩි කාලේ යන්තම් බහ තෝරද්දි හින්දි සිංදු කිව්වා කියලා.
මේ හැකියාවත් එක්ක චාමි ඉස්කෝලෙ යන කාලෙත් Music වලට ගොඩක් ලගින් ඉදලා තියෙනවා
තරුණ සේවා සභාවෙන් සංගීතය ගැන වැඩිදුර හැදෑරීම් කල චාමි මේ වන විට සංගීත විශාරද කෙනෙක්.
2010 අවුරුද්දෙ ජාතික රූපවාහිනියේ විකාශනය වූ
“රණවිරු සුවද” වැඩසටහනෙන් චාමි පළමු ස්ථාන දිනාගත්තා.
ලස්සන voice එකක් විතරක් තිබුනොත් ගායිකාවක් වෙන්න පුලුවන්ද කියලා ඇහුවාම චාමී හිනාවෙලා කිව්වා ඒකට Luck එක Talent එක බලපානවා
ඒ වගේම සල්ලිත් මේ වැඩේට ටිකක් ඕන. කියලත් චාමී කිව්වා.
චාමීගේ මේ වසරක් වුණා ආදර කතාව ගැන අහන හැමෝම දැන් musical show වලටත් invite කරවනලු.
ඒ වගේම නිරූපන ක්ෂේත්‍රයට වුණත් චාමිව හොදට ගැලපෙනවා කියලා අපට හිතුනා
කෙහොම වුණත් චාමිට සුභපතන ගමන් පොද වැස්සකුත් එක්ක අපි කොළඹ එන්න පිටත්වුණා.
චාමිගේ සිංදුව බලන්න...
https://www.youtube.com/watch?v=2tIMgVuwkSI