“සමස්ථ මාධ්‍යම මේ පිටපත අපි දෙන්නා ලියුවා කියන එක යටගැහුවා" - Star Gossip

Hot Gossip

Post Top Ad

“සමස්ථ මාධ්‍යම මේ පිටපත අපි දෙන්නා ලියුවා කියන එක යටගැහුවා"

 සිංහල සිනමාව පිළිබදව සහ එහි සැබෑ තතු සොයා බැලීම වෙනුවෙන් 

STAR GOSSIP ගොඩනගන්නාවූ  
                 "CINEMATIC
                         .......film එකට එහා ගිය කතාවක් ...

 
 DERANA සම්මානයෙන් පසු......
කුමාර - සරත් කියන කතා...

      සමස්ථ මාධ්‍යම 
            මේ පිටපත අපි දෙන්නා ලියුවා කියන එක යටගැහුවා"

ඔබ කොහොමද දකින්නේ ලංකාවේ වත්මන් සිනමා කර්මාණ්තය ගැන?
කුමාර තිරිමාදුර :-
ඇත්ත වශයෙන්ම අදවන විට අපේ සිනමා කර්මාණ්තය තාක්ෂණය අතින් ඉදිරියට ඇවිල්ල තියෙනවා නමුත් මම හිතන්නේ නිර්මාණාත්මක බවින් අපි පසුබෑමකට ලක් වෙලා තියෙනවා . මොකද අපිට අපේම කියලා සිනමා නිර්මාණ තිබුනා. 
නමුත් අද වන විට අපි ජාතක පොත, මහා වංශයට පමණක් සිමාවෙලා කටයුතු කරන බවක් තමයි පෙන්නේ, ඒවත් තියෙන්න ඕන. නමුත් නිර්මාණාත්මක මහපොළොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන් වෙනුවෙන් නිර්මාණ කළ යුතුයි.
පතිරාජලා,ඹබේසේකරලා බිහිකරපු බඹරු ඇවිත්, වල්මත්වූ වෝ අහස්ගව්ව, වැලි කතර වැනි අපේ සිනමා නිර්මාණ අපට තිබුනා. අද ඒ නිර්මාණාත්මක බව අපේ සිනමාවේ නැහැ.....
අපි කියන්නේ ජාතක කතා කරන ගමන් අපි අපේ නිර්මානත් කරමු .
*****************************************************************


"දැන් තියෙන සිස්ටම් එක තමා මේ අවුල"...
*****************************************************************
අපේ සිනමාවේ ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යක්ෂණය තුලද, තිර රචනය තුලද, නැතිනම් සමස්ථ සිනමා කර්මාන්තය තුළද?
සරත් කොතලාවල :-
මම හිතන්නේ 77න් පස්සේ  බිහිවෙන්නේ සාහිත්‍ය ඉතිහාසය පිළිබද දැනුම අඩු පිරිසක්.  වර්තමානයේ මේ සියල්ල කරගෙන යන්නේ ඒ පිරිස තමයි. අතීතයේ කරපු වැරදි වල විපාක අද අපි අත්විදිනවා.
අපට සිනමාවට අවශ්‍ය තාක්ෂණය තියනවා ඒවත් පිටරටින් අපුවානේ.
අපිට නැත්තේ මිනිසා තුළ තිබිය යුතු දේ ඒ කියන්නේ මානුෂිය ගුණාංග.
මේක කලාවට පමණක් නෙවෙයි.  සියලු අංශ වලට අදාලයි.
අද වන විට මේ සියලු අංශ පිරිහිමකට. ලක්වෙලා. සිනමාව තුල පෙන්වන්නේ මේ මානුෂිකත්වයනේ.  ඒවා ඇති විමට නම් සාහිත්‍යය පිළිබද දැනීම ප්‍රධානයි. 
ඒ වගේම ඉතිහාසය. මේ සියල්ල නිර්මාණ කරනයට අවශ්‍ය වෙනවා. ‍
මේවා හිගය තමා අපට තිබෙන ප්‍රධාන ගැටලුව.
*****************************************************************
     "අරලියගහ මැදුර වටේ රවුම් ගහන එක නරකයි"....


ඔබ හිතනවද සිනමාවට එන්න කලින් සිනමාව ගැන යම් අධ්‍යනයක් කළ යුතුයි කියලා?
 සරත් කොතලාවල :-
අධ්‍යයනයක් තිබිය යුතුයි. සිනමාව ගැන පමණක් නොවෙයි ආර්ථිකය, භූගෝලය වැනි සෑම අංශයක් ගැනම  අධ්‍යනයක්, කියවීමක් තිබිය යුතුයි.
විශේෂයෙන්ම ඒවා සමග මිනිසුන් ගනුදෙනු කරන ආකාරය පිළිබදව හරියාකාරව සොයාබැලිය යුතුයි.
පිටපත් රචනයට,අධ්‍යක්ෂණයට,රංගනයට මේ සියල්ලට මේ කියවීම තිබිය යුතුමයි.


"සිනමාවේ දාන සුකුරුත්තං වේදිකාවේ දාන්න බෑ.."
*****************************************************************
ඔබ දෙපල වේදිකා නාට්‍යවල රංගනය හරහා ආපු දිගු ගමනක් මේක.  නමුත් අපිට අද දකින්න ලැබෙනවා සිනමාව හා වේදිකාව තුළට ඉදපු ගමන් ඇවිල්ලා, ප්‍රසිද්ධ වෙලා ආයේ නැතුව යන පිරිසක්
 ඊට පස්සේ සමහරු හොයන්නවත් නෑ. දැන් දැන් සිනමාවට අනුග්‍රහය දක්වන අය පවා ඒ අයගේ ජනප්‍රියත්ව අඩුවෙනකොට ඒ අයව ඇත්කරල දාන්න පුරුදුවෙලා තියෙනවා. 
මොකද්ද මේ වෙන්නේ.
කුමාර තිරිමාදුර :-
ඔය කියපු වේදිකාව හා සිනමාව දෙකෙන්  වේදිකාව අයින් කරන්න...
මොකද ඔය සිනමාවේ දාන සුකුරුත්තං වේදිකාවේ දාන්න බෑ.. ඒකට  පුහුණුවත් සමග පැය 2ක් පමණ වේදිකාවේ රගපාන්න ටැලන්ට් එක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.
සිනමාව හා ටෙලි නාට්‍ය තුල මේක දකින්න පුලුවන්. විශේෂයෙන්ම මාමලා,බාප්පලා ,වගේ නෑ හිතවත්කම් වලට මේවායේ අවස්ථාව දෙනවා.
එහෙම එන පිරිස උත්සහ කරන්නේ ඒ ක්‍රියවලියම දිගටම අරං යන්න.ඒ අයට ඕන රූපය මිසක් චරිතාංග රංගනය නෙමෙයි.
මේ අය ටික කාලයක් ඉන්නවා පස්සේ නැතිවෙලා යනවා.

*****************************************************************
සරත් කොතලාවල :-
මෙහෙමයි....මේකට අලුත් පරම්පරාවට අපි දොස් කියන එක වැරදියි... මේක තමා දැන් තියෙන සිස්ටම් එක.. අන්න ඒ සිස්ටම් එක තමා මේ අවුල.
ලංකාවේ සිනමාව ගැන ඉගෙන ගන්න සිනමා පාසලක් නෑ..නාට්‍ය පාසලක් නෑ.. මේ නිසා ඒ පරම්පරාවට දොස් කියන එක වැරදියි.

"කලාකරුවන් නලු නිළියන් 
                        රස්තියාදු ගහන්න ඕන 
               ලුමිබිණි රගහල ලග නැතිනම් සැවෝයි එක ගාව"..


*****************************************************************
පහුගිය කාලේ විවිධ දේශපාලනික ක්‍රම හරහා,විවිධ කළාකරුවන් උසස් නිලතල දැරුවා ඔවුන්ගෙන් කළාවට සේවයක් වුණාද?
කුමාර තිරිමාදුර :-
ඔව්.. ඒ අය ඔවුන්ගේ පෞද්ගලිකත්වය රැක ගනිමින් වරප්‍රසාද බුක්ති වින්දා මිසක් සිනමාවට කිසිවක් ඔවුන්ගෙන්වත්  බලයට ආපු ආණ්ඩුවලින්වත්  දැනෙන යමක් සිදුවුනේ නෑ. 
අඩුම චිත්‍රපට සංරක්ෂණාගාරයක් හදාගන්න බැරිවුණානේ.
කලාකරුවන් නලු නිළියන් රස්තියාදු ගහන්න ඕන ලුමිබිණි රගහල ලග නැතිනම් සැවෝයි එක ගාව නැතුව අරලියගහ මැදුර වටේ රවුම් ගහන එක නරකයි. පිටින් ඉදන් සංවිධානාත්මකව යමක් කරන්නයි මේ දේශපාලකයන්ට තිබුණේ.
දැන් ඒකෙන් කාටවත් වැඩක් වුණේ නෑ.
අවසානයේ සිද්ධවුණේ ගෞරවයක් තිබු මිනිස්සු දේවත්වයෙන් සලකපු කලාකරුවන් හෑල්ලුවට ලක්කිරීමක් පමණයි. 


            "සරත් කියන්නේ ගමේ හැදුනු වැඩුණු අමු ගෙවියෙක්.."
*****************************************************************
සුදර්ශිය පමණයි කලාකරුවන් වශයෙන් රැස් වුනේ. කලාකරුවන් ගැන කතා කලේ ඇත්තටම අද මොකද වෙලාතියෙන්නේ සුදර්ශියට?
කුමාර තිරිමාදුර :-
ඔබ ඔය කියන තරම් වැදගත් තැනක් නොවෙයි.  සුදර්ශිය කියන්නේ.  නමුත් යම් කලාකරුවන් පිරිසක් ඉන් බිහිවුණා.
අපිට ඒ ස්ථානය නොවෙයි වැදගත්වන්නේ කොහේ හෝ රැස්වෙලා කරණ දේ තමයි වැදගත්

"යුද මානසිකත්වය නිසා තමයි රටතුල අපරාධ වැඩි වෙන්නේ"...
*****************************************************************
ඒ ස්ථාන වල ප්‍රධාන තොරතුරු දැරුවා නේද රටේ ප්‍රධාන මැති, ඇමතිවරු ඉන් සිදුවුනේ නැද්ද කලාවට යම් සේවයක්?
කුමාර තිරිමාදුර:-
මෙතන වෙලා තියෙන්නේ තනි මතයට වැඩ කරන්න යනවා මිසක් එකතුවෙලා සාකච්ජාකරලා වැඩක් කරන්න කවුරුවත් සුදානම් නෑනේ. 
පාසල් හරහා ළමා රස වින්දනය සිදුකරන්න අපට පුලුවන්.
 අපි ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශය ආදි කිවයුතු හැම තැනකටම කිව්වා. දරුවන් වෙනුවෙන් යමක් කරන්න කියලා.
අද බලන්න මිනිස්සු වෛරය, තරහෙන් මිරිකිලා ඉන්නේ.
පාරේ යද්දී අනිත් කෙනා වාහනේ ගාවයිද කියලා කේන්තියෙන් යන්නේ. මෙහෙම සමාජයක් අද අපට ඉතුරුවෙලා කියෙන්නේ.
අපි හිනාවක් නැති ජාතියක් බවට අද පත්වෙලා තියෙනවා.මෙන්න මෙතනදි තමයි සිනමාව,වේදිකාව වැදගත් වෙන්නේ
අපිට අවශ්‍ය මේ මිනිසුන් ලග ඇති තරහා,අමානුෂිය ගති පැවතුම් දුරු කරන්න.  මේ අශිලාචාර පැවතුම් ඇතිවෙන්න හේතුව මිනිසුන් කලාව තුළින් ඇත් විමයි.  සිනමාවට පුළුවන් මේ හැදියාව ලබාදෙන්න.
*****************************************************************
සරත් කොතලාවල :-
අපි මේ ඉන්නේ අවුරුදු තිහක යුද්ධයක් පැවැති රටක්නේ.  ඉතින් ඒ රට තුළ ඇතිවූ මතය නැවත සාමාන්‍යතත්වයට පත් කරන්න අවශ්‍යයි. මේගැන කිසිදු කෙනෙක් හිතන්නේ නෑ .යුද මානසිකත්වය නිසා තමයි රටතුල අපරාධ වැඩි වෙන්නේ. මෙයට කලාව තුළින් පිළියමක් කළ  හැකියි.  ඒවා තේරුම් නොගත්ත අය පාර්ලිමේන්තුවට සහ ඊට පහල තැන්වලට ගියහම ඒ තත්වය වැඩිවන එකයි වෙන්නේ.


"බෝලේ වතුරේ ගිල්ල ගෙන ඉන්න බෑ වගේ 
ඇත්ත හෙළි වුණා"...

*****************************************************************
යුද ජයග්‍රහණ විදිම ගැන ඔබගේ තණ්හා -රති - රා චිත්‍රපටය තුල පෙන්වනවා ඔබ හිතනවද තිර රචකයා හැටියට ඒ දේ හරියි කියලා?
කුමාර තිරිමාදු :-
ඔබගේ ඔය ප්‍රශ්නයට පිළිතුර අපි ඔය චිත්‍රපටය තුළම දිලා තියෙනවා....

"හොද පිටපතක් කරලා දෙන්න.විස්කි බෝතලයක් දෙන්නම් කිව්වා.."
*****************************************************************
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල මෙම පිටපත ලියූබවට ප්‍රසිද්ධ වෙන්නෙ නැහැ ඇයි ඒ.?
කුමාර තිරිමාදුර :-
අපටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි.
සමස්ථ මාධ්‍යම මේ පිටපත අපි දෙන්නා ලියුවා කියන එක යටගැහුවා...
අපි දන්නෙ නෑ...ඒක මොන පාපකර්මයක්ද කියලා, අපිටත් හිතාගන්න බෑ..
එක්තරා පුවත්පතක වාර්තාකරනවා තණ්හා -රති - රා චිත්‍රපට‍ෙය් පිටපත කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල ලියූ බවට තිරයේ දිස්වේ කියලා.
ඒ තරමටම අපිව හැංගුවා. නමුත් බෝලේ වතුරේ ගිල්ල ගෙන ඉන්න බෑ වගේ ඇත්ත හෙළි වුණා.


*****************************************************************
ඔබට මේ චිත්‍රපටයට සම්මානයක් හිමි වුනා මෙයට මූල හේතුව වුනේ ඔබ දුටු ඒ යුධ ජයග්‍රණයද?
කුමාර තිරිමාදුර :-මෙහෙමයි...
සරත් කියන්නේ ගමේ හැදුනු වැඩුණු අමු ගෙවියෙක්.හෙට වුණත් කුඹුරට බැහැලා වැඩ කරන්න පුලුවන්. මම  කොන්ක්‍රීට් වනාන්තරයක ඉදපු කෙනෙක්.සොයිසාපුර. ඉතින් මේ අපි දෙන්නාගේ සංකලනය මෙහි සාර්ථකත්වයට හේතු වුනා කියලයි මට හිතන්නේ.  විශේෂයෙන්ම කිව යුතුයි.
මාධ්‍යවේදියෙකු විදියට මම ලබපු අත්දැකීම් ද මෙහිදී වැදගත් වුණා.
*****************************************************************
පිටපත අරගෙන අධ්‍යක්ෂණවරුන් කිපදෙනෙක් ළගට යන්න වුනා ඔබට..
මේක සම්මාන ලැබු චිත්‍රපටයක්.ඇත්තටම හොද පිටපතක් බාරගන්නා අධ්‍යක්ෂකවරයෙක් ලංකාව තුල නැද්ද.
කුමාර තිරිමාදුර :-
මෙහෙමයි..ප්‍රසන්න විතානගේ මහත්මයා මේක මුලින්ම බැලුවා.
එයා කිව්වේ මේ පිටපතේ යුධ හමුදාව සම්බන්ධවන දර්ශන ගොඩක් තියෙන නිසා එවක ආණ්ඩුව මේකට සහයක් නොදක්වයි කියලා.
අනික ඒ වෙනකොට ඔහු ඉන්දියාවේ චිත්‍රපට 02ක් කරලයි තිබුනේ.  ඒ වගේ ප්‍රශ්ණ තිබුණා
එයා අපිට අභියෝගයකුත් කළා පුලුවන්නම් උඔලා දෙන්නා මිට වඩා හොද පිටපතක් කරලා දෙන්න.විස්කි බෝතලයක් මම ගානේ දෙන්නම් කියලා. (සිනා සෙයි)
අපි දැනටමත් පිටපත් දෙකක්  ලියලයි තියෙන්නේ.
*****************************************************************

වත්මන් සිනමාව රසවිදින්න ප්‍රේක්ෂකයන් අඩුද? මොකක්ද හේතුව.
කුමාර තිරිමාදුර :-
හේතුව විදිහට මම දකින්නේ ඊට අවශ්‍ය යටිතල පහසුකම් අපේ රටේ නැ. 
එදා තිබුනු ඉතා පැරණි හෝල් තමයි අපි තවම තියෙන්නේ ඒවායෙ එන පැත්තකින් වැසිකිලි ගද අනික් පැත්තෙන් කර කර ගානවා පරණ ෆෑන්වල සද්ද තව තව දේවල්. ඉතින් මේ වගේ තත්වයන් මත ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට යාමේ යම් අඩුවක් අපි දකිනවා.
*****************************************************************
"CINEMATIC එක නැතුව චිත්‍රපටය ඇතුළේ රහක් උපදින්නේ නෑ....."
 එතකොට අපි දකිනවා කොළඹ තවමත් දමිළ චිත්‍රපටිවලට පොලිමේ සෙනග ඉන්නවා ඇයි ඒ ?.
සරත් කොතලාවල :-
ඒ.. ඒකට.. හේතුව මේකයි. ඒ පිටපත්වල TECHNIC එකක් තියෙනවා.
ලෝකෙ හොදම චිත්‍රපට කරන්නේ ඉරානේ LOW BUDGET  හැබැයි THINKING එක ඉතා ඉහලයි.
THINKING  සහ CINEMATIC කියන මේ දෙක ඒ අය හොදින් ප්‍රයෝජනයට ගන්නවා.ඒකට සල්ලි නෙමෙයි ප්‍රධාන.
CINEMATIC එක නැතුව චිත්‍රපටය ඇතුළේ රහක් උපදින්නේ නෑ... මුදලට ඒක කරන්න බෑ.
*****************************************************************
 ලාංකික සිනමාව හෙට දවස ගැන මොකක්ද කියන්න තියෙන්නේ.?
 සරත් කොතලාවල :-
මුලික වශයෙන්ම කලාකරුවන් පක්ෂ දේශපාලනයෙන් තොර විය යුතුයි.

*****************************************************************
කුමාර තිරිමාදු :-
දෙවනුව මම දකින්නේ පාසල් තුල ළමුන්ට රසවින්දනය පුහුණු කළ යුතුයි ඒක ඉතාමත්ම වැදගත්. අපේ සිනමා ශාලා ටික හැදෙන්න ඕනෑ.  ඒවා නැතුව සිනමාව ඉදිරියට ගෙනයන්න බැහැ.
කාර් පාර්කින් පිළිබදව ප්‍රශ්න තියෙනවා මේ වගේ සුලු ප්‍රශ්ණ අද වන විට මිනිසුන් සිනමාවෙන් ඈත් කර තබන්න සමත් වෙලා තියෙනවා. 
අධ්‍යාපන අමාත්‍යංශය හා එකතුවෙලා අපිට පුලුවන් ළමුන්ගේ රසභාව නංවන්න.  ඒ තුළින් ඉදිරි පරපුර සිනමාවට ඇලුම් කරණ පිරිසක් කරන්න පුලුවන්.  දැන් ඇමරිකාව වගේ රටවල නීති , වෛද්‍ය විද්‍යාව කුමන කේෂ්ත්‍රයක නියතු පුද්ගලයකු වුවත් අනිවාර්යෙන් කලාව හැදෑරිය යුතුයි.  DANCINGMUSIC ඔක්කොම කරල තමයි විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්නේ.
ඉතින් ඒ ක්‍රමය අපේ වගේ රටක ඕනම අවස්ථාවක කල හැකියි.  ලංකාවේ සංස්කෘතිය තුළ බලි තොවිල් සංස්කෘති වැනි  අංශ විශාල වශයෙන් තිබුණා ඒවා සමග අපට ඉදිරියට යා හැකියි.
*****************************************************************
"කලාකරුවන් පක්ෂ දේශපාලනයෙන් තොර විය යුතුයි"...



       

No comments:

Post a Comment

Post Top Ad