බොලිවුඩයේ ආදරණීය ජනකාන්ත සුපිරි නළු අනිල් කපූර්ගේ විවාහ සංවත්සරය පසුගිය දා පැවැත්වුනා. වසර ගණනාවක් වන අනිල් - සුනීතා ආදර කතාවේ බොහොම සුන්...
බොලිවුඩයේ ආදරණීය ජනකාන්ත සුපිරි නළු අනිල් කපූර්ගේ විවාහ සංවත්සරය පසුගිය දා පැවැත්වුනා.
වසර ගණනාවක් වන අනිල් - සුනීතා ආදර කතාවේ බොහොම සුන්දර දවසක් තමා ඒ දවස.
විවාහය සංවත්සරයක් කියන්නේ ඉතිං සුබ පැතුම්,තෑගි - බෝග ගලාගෙන එන දවසක් නේ.
මේ දෙන්නට ඉතිං ඒවා වලින් අඩුවක් වුනේ නෑ.
එත් තෑගි ,සුබ පැතුම් කොච්චර ලැබුනත් සුනීතා ගොඩාක්ම කැමත්තෙන් හිටියේ අනිල් මොනවාද දෙන්නේ කියලා බලාගෙන.
සුනීතා වෙනුවෙන් තෑගි බෝග වගේම රසම කෑම බීම ගොඩාක් අනිල් සූදානම් කලා වගේම සුනීතා තිගැස්සෙන දෙයකුත් අනිල් දුන්නා.
ඒ තමා විවාහ සංවත්සරය වෙනුවෙන් අනිල් තැබූ හෘදයාංගම සටහන.
"සුනීතා..
ආදරය ගැන තියෙන එක එක කතා, නිර්වචන ඒ හැමදේම අපේ ආදරේ ඉදිරියේ දූවිල්ලක් තරම්ය..
ඔයා නිසා මම හැමදාම සතුටින්...ආදරෙන් ඉන්නවා..
ඔයාගේ උත්සහයෙන් හැදුන අපේ ආදරණීය පවුලේ සුරක්ෂිත පාදම ඔයා..
සුනීතා....,
ඔයා නැති ජීවිතයක් ගැන මට, අපේ පවුලට හිතන්නවත් බෑ...
මම පොරොන්දුව වෙනවා අපේ ආදරය නිධානයක් සේ රකින බවට .
සුබ විවාහ සංවත්සරයක්..